(නිමන්ති රණසිංහ)

අල්ලස් හෝදුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව විමර්ශන අධ්‍යක්ෂවරයා වශයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග විතානගේ මහතා පත් කර ඇත.

එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය වශයෙන් මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ සුබ සාධක අංශයට මාරු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් භාර නිලධාරිවරයා වශයෙන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙකු ද වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද කාලයේදී පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යන නිලයන්හි උසස් වීම් ලැබ දේශීය විදේශීය පුහුණු පාඨමාලාවන් හදාරමින් එම දෙපාර්තමේන්තුවේ ආන්දෝලනාත්මක විමර්ශන ගනනාවකටම දායකත්වය ලබාදී පොලිස්පති ප‍්‍රසංශාවට පත්වූ දක්ෂ නිලධාරියෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා විශේෂවේදී දෙවන පන්ති සාමාර්ථයක් ලද නුවන් අසංක මහතා ශ්‍රී ලංකා නිතී විද්‍යාලයෙන් දෙවන පංති සාමාර්ථයක් ලැබ ශ්‍රේෂ්ඨාධිකරණ නිතීඥයකු ද වශයෙන් වසර අටක සිට කටයුතු කරන නිලධාරියෙකි.