IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම්


 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සේවකයින්ට අතීකාල නොගෙවීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ආයතනයකින් රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ හිටපු කම්කරු නිලධාරීවරයාට වසර 08 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රුපියල් 20,000/-ක දඩයක් ද ඔහු යටත් කළාය.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවුවහොත් අමතර වසර 02ක සිරදඬුවමකටද ඔහු යටත් කළාය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී  අධ්‍යක්‍ෂ නීතීඥ මේනකා මුණසිංහ මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬවම් නියම වුයේ කොළඹ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීවරයා ලෙස සේවය කළ  උපුල් ප‍්‍රදීප් හේමන්ත නමැත්තාටය.
 



අදහස් (0)

අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 941 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site