(මනෝප්‍රිය ගුණසේකර)
කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා අද (22) නියම කළේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතා එලෙස රිමාන්ඞ් බාරයට පත් කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ලබන 04 වැනිදා සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
හලාවත කාලි දේවාලයේ තිබු වාලම්පුරියක් අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව එහි දේවගැතිවරිය විසින් හලාවත පොලිසියට පැමිණිල්ලක් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ කටයුත්තක් සඳහා හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා දේවාලයට පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී දේවාලයේ තවත් හක් ගෙඩි ඇතු`ථ ද්‍රව්‍ය තිබෙනු ඔහු නිරීක්‍ෂණය කොට ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අවස්ථාවේදී හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කෝවිලේ දේවගැතිවරිය අමතා මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතී මඟින් ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට හැකි බවත් දැනුම් දී ඇතැයිද පැවසීය.
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කෝවිලේ දේවගැතිවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇතැයිද ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍ය බව ඔහු දැනුම් දී ඇතැයිද පසුව කළ ඉල්ලීමකදී 1,90,000/- ක මුදලක් ලබාගැනීමට ඔහු එකඟ වී ඇතැයිද පැවසු අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.
සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ විමර්ශන ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.
COMMENTS
උපරිම දඬුවම් දෙන්න ඕනේ මේ පගාකරුවන්ට..
අප සෑම දවසෙම අසන පැනයක් ඇත "ඇයි මේ හොරුන්ගේ නම් ගම්, ඡායාරූප පල නොකරන්නේ?" යන්නයි. එයට නීතිමය බාධාවක් තිබේද?
අල්ලස් කොමිසම මන්දගාමීව දුවන ආයතනයක්. අපි දැක්කනේ සමහර නඩු යට යන හැටි. දිල්රුක්ෂිට වෙච්චදේත් අපි දැක්කා. මේ ආයතනයට බැනලා වැඩක් නැහැ. බනින්න ඕන අල්ලස් කොමිසමට ස්වාධීන බලතල නොදී ඒක යටකර ගන්න හදන ලොක්කන්ටයි. අනික විශ්‍රාමිකයන්ගේ අනාථ නිවාසයක් බවට පත් නොකර සක්‍රීය සේවයේ නියුතු කොමසාරිස්වරුන් මේ ආයතනයට පත්කරන්න.
නිල ඇදුම ඇගේ ඔතාගත් මෙවන් "නරින්ට" උපරිම දඩුවම් ලැබේවා ..!!! කරුණාකර නම්ගම් මෙන්ම ඡායාරූපද පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමගින් මේ අයගේ ඥාතීන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. එයම දඬුවමක් නොවේද? එවිට ඕනෑම කෙනෙකු "ජරාව" ගැනීමට පෙර අනේ මම අහුවුණොත් මගේ ඥාතීන්ටත් පාරේ යාමට බැරිවෙනවා නේද යන බිය නිසා මෙවන් වැඩ කිරීමේ ප්‍රවණතාවය අඩුකර ගත හැකි වෙනවා නොවේද?
අපෝ ඕක මොකක්ද? හක් ගෙඩිය වෙනුවට ඒ කෝවිලේම පොල් ගෙඩියක් ගහන්න... වැඩේ ශේප්..!!!
පොලිස් සේවයේ නම්බුව විනාශ කරන පව් කාරයින්...
අල්ලස් ගැනීම මෙන්ම දීමත් බරපතල වැරැද්දක්. මෙය අද බොහෝ තැන්වල මෙන්ම බොහෝ විට සිදුවන්නක්. මේ දෙපාර්ශවයටම විරුද්ධව නීතිය මගින් කටයුතු කළ යුතුයි. නීත්‍යානුකූලව කරගන්න බැරි දේවල්, එහෙම නැත්නම් වැරදි දේවල් කරන්න බොහෝ දෙනෙක් අද අල්ලස් දී කරගන්න බලනවා. අපේ ජනාධිපතිතුමා මේ ගැන සොයා බලාවි යයි සිතනවා.
ඉහළ නිලධාරීයෙක් මෙහෙම නම් හැසිරෙන්නේ, පහළ නිලධාරීන් ගැන කවර කතාද? මනුස්සයෙක් පැමිණිල්ලක් කළාම ඒ මනුස්සයාගේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට තව අමරුවේ දාලා පගාත් ගන්න හදනවා. පොලීසියේ ඉහළ තනතුරුවලට ගනිද්දී හොඳට ඔහුගේ ආර්ථික ශක්තිය ගැනත් වියදම් කරන ආකරය වගේ ඒවා ගිහින් හොයලා බලන්න ඕනෑ. හිඟන්නන් සහ අමනුස්සයින් බඳවා ගත්තාම තමයි මෙහෙම වෙන්නේ..
අල්ලස් ගත් පොලිස් ලොක්කගේ රැකියාව දරුවන්ට, බිරිඳට ඇතිවන ලැජ්ජාව ගැන නොසිතා මෙය කරන්න ඇති... නුඹ නාඩන් නුඹ නාඩන්... මේවා අපට හොඳ පාඩම්!!!
හක් බෙල්ලන් ළඟ තබා ගැනීමට අවසර අවශ්‍ය නැත.
මෙම මුදල පොඩියි. ගන්නවා නම් මිලියන් ගණන්වලින් ගන්න ඕනේ.. එහෙම අයව අල්ලස් කොමිසමට පේන්නේ නැහැ.
උපරිම දඬුවම් ලැබිය යුතුමයි.
මෙතෙක් කල් සිය පවුලට කෑම බීම සපයා ඇත්තේ මිනිසුන්ගෙන් බලෙන් ගන්නා ලද පගා මුදල්වලින් බව දැනගත්විට ඔවුන්ට දැනෙන අපහසුතාවය කෙබඳුද? අනේ මේ වටිනා නිල ඇඳුම කොහේ හරි ගසක එල්ලා තැබීම එයට කරන ගරුත්වයකි.
ආගමික ඇදහීමකට මිස ව්‍යාපාරික අදහසින් නොවන බැවින් පොලීසිය කටයුතු කළ ආකාරය වැරදිය. එසේවුවද දේවගැතිවරියන්ගේ මුදල්ද අල්ලස් මුදල් හා සමානයි. දඬුවම් දියයුතුයි. එසේවුවද හක්බෙල්ලන් නොව වනයේ සිටිය යුතු අලිපැටව් පන්සල් වල සිටිය බව සිහිකළ යුතුයි.
සියල්ල ඉවරයි.