IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා.සබේ මන්ත්‍රී රිමාන්ඩ්


 
(ප්‍රියාණි මංගලිකා)
             
පස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලසක්  ගනිද්දී කොළඹ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්  නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා මේ මස  15   දින දක්වා රිමාන්ඩ් කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (3) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොටවෙහෙර ,මීවැල්ලෑව , කීනව  ප්‍රදේශයේ  පදිංචි  එච්.එම්.ටී.හේරත් නැමති යුද හමුදා විශ්‍රාමික සැකකාර  සභා මන්ත්‍රීවරයෙකි.

මෙම සැකකාර මන්ත්‍රීවරයා කොබෙයිගනේ ප්‍රදේශයේ හෝටලයක දී පස් ව්‍යාපාරිකයෙකුගෙන්  රුපියල්  425,000 පමණ මුදලක් අල්ලස් ලෙස ගැනීමට යාමේදී  සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරයකු වන සැකකාර මන්ත්‍රීවරයා, ඉකුත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එක්ව ඇති බවද  ඒ හේතුව නිසා මන්ත්‍රීවරයාගේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ  සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සඳහා විනය පරීක්ෂණයක් ද සිදු වෙමින් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
සැකකාර මන්ත්‍රීවරයා කටුපොත  පොලීසිය මගින් නිකවැරටිය අධිකරණයට  ඉදිරිපත් කෙරිණි .



අදහස් (4)

අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා.සබේ මන්ත්‍රී රිමාන්ඩ්

Kamal Koyrala Wednesday, 03 March 2021 10:23 AM

මහ කකුළුවෝ කෙළින් යන්න කියලා දෙනවා.

:       0       5

Raveendra Wednesday, 03 March 2021 11:11 AM

නොදකින්... හමුදාවටත් අවමානයක්...!!!

:       0       3

Podihami Nikawaratiya Wednesday, 03 March 2021 01:02 PM

ඇති යාන්තම් පිට කළා... රණවිරුවෙක් නේද?

:       0       3

ගිහාන් Thursday, 04 March 2021 01:26 AM

මතක ඇතුව කොමිසමේ සභාපතිගේ අත්සන් ඇතුව නඩුව ගොනුකරන්න. නැත්නම් නිදොස් කොට නිදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site