(රංජන් කස්තුරි)
අල්ලස් ලබාගනිමින් ගුරුමාරු සිදුකරන බවට ගුරු සංගමයක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ලැබී ඇති පැමිණිලි මත විමර්ශනයක් ආරම්භකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ගුරුමාරු මණ්ඩලයේ සමාජිකත්ව දරන එම භික්ෂූන් වහන්සේ ගුරුමාරු හදා දීම සඳහා සහ ගුරුමණ්ඩලය මගින් ක්‍රියාත්මක මාරුවීම් වෙනස්කරවාදීම සඳහා අල්ලස් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය කියයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශනය ආරම්භ කර තිබේ.
COMMENTS
මෙය ගිහියෙක් කළා නම් හිතන්න තිබුණා.. නමුත් භික්ෂුවක් නිසා මොනවා කියන්නද තේරෙන්නේ නැහැ...
මහා සංඝ රත්නයට අත නොතබනු. උන්වහන්සේලා සුද්දාගේ නීතියට යටත් නැතිලු...!
ඥාණසාර හිමි යැව්ව තැනටම යවන්නයි තියෙන්නේ... තව චීවරධාරියෙක් කළුබෝවිල රෝහලේ කුඩුගහමින් ඉඳල මාට්ටුවෙලා.. මාර බුද්ධපුත්‍රයෝ ..
උපරිම දඬුවම් දෙන්න.
සාමාජිකයින්ගේ දියුණවට උසස්වීම්වලට අදාලව කිසිත් නොකරන ගුරු සංගම් කරන්නේ වාර්ශික මාරු මණ්ඩලයේ වාඩිවී ඔවුන්ගේ හිතවතුනට ආධාරකරුවන්ට උදව් කිරීම පමණයි. හාමුදුරු නමකට කෙසේවත් මාරු මණ්ඩලයක සිට කටයුතු කිරීම සුදුසු නැහැ ඒ අය මහණ වුනේ සැමට සමානව සැලකීමට නිසා. පසුගිය දිනක සුදුසුකම් නොමැති පිරිසකට උසස්වීම් දෙන්න කියල එක් සංගමයක් විරෝධතාවකුත් කලානේ
අනේ කාලේ වනේ වාසේ.