(ඩයනා උදයංගනී)
සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පැවසීය.
එම ලකුණ කුමක්ද යන්න ඉදිරියේ දී රටට හෙළි කරන බව විපක්ෂනායකවරයා සදහන් කළේය.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (1) රැස්වී ලකුණ සම්බන්ධයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීමට අවසන් තීරණයක් නොගත් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් ඡන්ද විමසීමක් නොවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටා, නරියා ඔය තව තියෙන්නේ...
ආඳා හොඳයි. ලිස්සලා යන්න. නැත්නම් බත්කන ගවයෙක් ගනිමු. ලකුණ අනුවනේ දිනුම පැරදුම තීරණය වන්නේ...!
ඔය, ලාංචන වාදය පැත්තකට දාලා.. මනුස්සයෙක් වගේ ඉදිරියට එන්න..! රටවල් හදන්නේ මිනිස්සු, ලාංඡන නොවෙයි...
මෙයාලට හැමදාම පක්ෂයේ ප්‍රශ්න එහෙම නැත්නම් ලකුණේ ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න මේ අයට අදාලම නැහැ.. බලයට අාවත් ප්‍රශ්න විසඳන්නේ නැහැ. මේ සැරේවත් රටේ ජනතාව මොලේ ඇතුව වැඩ කරාවිද මන්දා... එහෙම නැත්නම් වසර 72ක් එයාලා මෙයාලා කෙරුව විනාශය නැවත කරන්න 2/3 බලය පොහොට්ටුව්ට දීලා ඉල්ලගෙන කනවද? විසඳුම ඔබගේ ළඟයි.
සජිත් මහතාණෙනි, ඔබට යූ.එන්.පී පාක්ෂිකයන් කැමති නැහැ. කවුරු වුණත් නායකත්වක් තියෙන අයට කැමති ඔබගේ දේශපාලන දිවියතුල මහජනතාවට කරපු දෙයක් නැහැ. තමන්ගේ ඡන්ද ගොඩ ආරක්ෂා කරගන්න පියාණන්ගේ නම විකුණා කන නිසා, මෙතෙක් කී වතාවක් ඔබගේ ආසනය දිනාගෙන තියෙනවද? පුලුවන් නම් පියාණන්ගේ මැද කොළඹට ඇවිත් දිනන්න වැඩිම මනාපයෙන්..
මෙයා දේශපාලනේ දන්නෙත් නෑ. නායකයෙක් කියන්නේ කවුද දන්නෙත් නෑ. රටක් පාලනය කරන්න තියා ගෙදරක තියාගන්න වටින්නෙත් නෑ. කිලිගේ උපදෙස් අනුව වැඩ කරලා තමනුත් පක්ෂයත් දෙකම නැති කළා. දින 52 කුමන්ත්‍රණය වෙලාවේ මෛත්‍රිගේ ළඟට වෙලාහිටියා ආණ්ඩුව වැටෙනකම් නායකයා වෙන්න. ඒත් බැරිවුණා. තාත්තා කරපු දේම පුතත් කළා. හම්බන්තොටින් නාමල් පරද්දගන්න බැරි මිනිහා, ඕනෙම නම් කකුල් මාට්ටු දාලා හරි රනිල් අයින් කරගන්න බැරි මිනිහා කොහොමද රටක් පාලනය කරන්නේ? මෙතන වෙලා තියෙන්නේ අනුන්ගේ පදේට නටන නායකයෙක් කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙන එක මිසක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නෙමේ. හා, අපි රනිල්ට යන්න කියමු. ඒත් රටක් පාලනය කරන්න පුළුවන්, ණය ගෙවන්න පුළුවන් නායකයෙක් ඉන්නවද වෙන? ඉන්නවා නම් දැනට ඒ කරු ජයසූරිය විතරයි. මෙයා නෙමේ...
"වෙනත් තීරණයක් ගන්නවා" කිව්වේ දේශපාලනෙන් අයින්වෙනවා වගේ ජනතාවාදී තීරණයක් වද්ද? සතුටේ බෑ...
තමන්ගේ පක්ෂයේ ප්‍රශ්න විසදගන්න බැරි මෙයාලද මේ රටේ ප්‍රශ්න විසදන්නේ බල තණ්හාවට එකිනෙකා මරාගන්න හදනවා. ජනාධිපතිවරනයේදී මිනිස්සු මෙයාලට හොද පිළිතුරක් දුන්නා. හැබැයි ඊට වඩා හොද උත්තරයක් මේ පාර ලැබේවි.
වයසට නොගිහින්ම දේශපාලනයට සමුදෙන්න සිදුවන පාටයි. ඉහළින් ඇති ප්‍රතිචාර ඇත්ත. මෙයා ඇත්තටම දේශපාලනයට ආධුනිකයෙක් බව දැන් පැහැදිලියි...
වෙනත් වැඩ පිළිවෙලක් කියන්නේ ඡන්දෙන් අනික් පැත්තට තුනෙන් දෙකක් නොලැබුණොත් කට්ටියක් අරගෙන ආණ්ඩුවට එකතුවෙලා, තුනෙන් දෙකේ අඩුව පුරවල දීලා, ඊළඟ ඡන්දේ කිට්ටුවෙලා අායෙත් ආපසු එන එකට නෙමේ නේද? අර කරු මහත්තයා, සිරිසේන මහත්තයා එහෙම කළා වගේ...
ජනාධිපතිවරණයෙන් පසු ඔබේ ඡන්ද පදනම වැඩිකරගන්න ජනතා ආකර්ෂණය වැඩිකරගන්න කිසිම කටයුත්තක් ඔබ අතින් සිදුවුයේ නැහැ පක්ෂය ඇතුලේ ආරවුල් ,ප්‍රශ්න ඇතිකර ගන්නවා මිසක්. දැන් පාක්ෂිකයන් ඔබ ගැන කලකිරීමෙන් කතාකරන්නේ.
අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවාලු! නැතුව වෙන මොකක් කරන්නද.?
මොනවද මේ කරන්නේ ? කොන්ද පන තියෙනවනම් පොල් පිත්තක් හරි දමලා පක්ෂය ලියාපදිංචි කරලා ඡන්දෙ ඉල්ලන්න. මේ සැරේ කොහොම වෙතත් ලබන වතාවේ හරි ඉස්සරහට එන්න පුළුවන්. රනිල් මැරෙනතෙක් පක්ෂේ නායකයා වෙනස් වීමක් නැත. දිනන්නෙත් නැත. ඉන්න රාජකීය හොරු යන්නෙත් නැත.
" බලෙන් පුබුදන හංසයා ... බලන්න නිරුවත් දෑසින් - මොකාටද එන්නේ කියලා......
හොඳම තීරණය තමයි ඡන්දය නොඉල්ලා සිටීම. පරාජයෙන් ලබන පල්වීමෙනුත් බේරෙන්න පුළුවන්.