(අතුල බණ්ඩාර)
කහටගස්දිගිලිය ,කොක්මඩුව ප්‍රදේශයේ කුඹුරු යායකට අද (18) උදැසන කඩාවැදුණු වල් අලියෙකු පළවා හැරීමට පැල් රකිමින් සිටි ගොවීන් පිරිසක් කටයුතු කළ අවස්ථාවේ ආපසු හැරී ගොවීන් පසුපස පන්නාගෙන ආ එම වල් අලියා සිදුකළ පහරදීමෙන් ගොවීන් දෙදෙනෙකු මරණයට පත්වී ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසයි.
කොක්මඩුව සොහොන් පිටිය ආසන්නයේදී සිදුවූ මෙම සිද්දියෙන් මරණයට පත්වී ඇත්තේ, කොක්මඩුවේම පදිංචිකරුවන් වූ 63 හැවිරිදි ගුණවර්ධනගේ වික්‍රමසිංහ සහ 61 හැවිරිදි මල්හාමිගේ සෙනවිරත්න යන ගොවීන් දෙදෙනාය. මේ අතරින් මියගිය වික්‍රමසිංහ මහතා යුදහමුදාවේ විශ්‍රාමිකයෙකි.
මියගිය දෙදෙනාගේ මළසිරුරු අසල ඔවුන් දෙදෙනා මරාදැමු වල් අලියා රැදීසිටීම නිසා , සිද්දිය වාර්තා වී කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරින් පැමිණ වෙඩි පත්තුකර අලියා එතැනින් පළවා හරින තුරු ගම්වැසියන්ට මළසිරුරු ඉවත් කර ගැනීමට නොහැකිවී තිබිණි.
කහටගස්දිගිලිය රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙන එන ළද මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකිරීමට කටයුතු යොදා තිබුණි.
කොක්මඩුව ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් වල අලින්ගෙන් තමන්ට සිදුවෙන හිරිහැර ගැනත් , උන් සිය වගාවන්ට සිදුකරණ හානි ගැනත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙන්ම මැති ඇමති වරුන්ට කොතෙකුත් දැනුම් දුන්නද විසදුම් ලදීමට ඔවුන් කිසිවෙක් ඉදිරිපත් නොවන බවයි.
මේ අහිංසක ගොවින් දෙදෙනා මියගියේ ඔවුන් අනුගමනය කරණ ප්‍රශ්නයෙන් මග හැර යාමේ ක්‍රියාපිළිවෙත නිසා බවට ගම්වාසීහු චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ගොවීන්ට පහරදෙන වල්අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ ඇයි? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත, නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?
වන අලි ඇමති සත්තු වත්තේ කෝවිඩ් පරීක්ෂණයට ගිහිල්ලා.., ඒ අතරෙ මෙහෙ වන අලි මිනිස්සු මරණවා. ඔක්කොම පටලවාගෙන...