IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අලුත් සහල් මංග්‍යලය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන් අපුරේ

(දයාරත්න ඇඹෝගම)

 

ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (7) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 52 වැනි වරට සංවිධානය කර තිබිණි.

ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩමවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල්මංගල්‍යය හෙළ චාරිත්‍රානූකූලව මගුල් බෙර හා හේවිසි නාද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වන අලුත් සහල් පෙරහර ජය ශ්‍රී මහා බෝ සමිදුන් පැදකුණු කර පැමිණි අතර, වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨීකාවේ තැන්පත් කර ඇති පාත්‍රයට ප්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා ඇතුලු මැති ඇමැතිවරුන් විසින් හා ගොවි මහත්වරු විසින් පුරවනු ලැබීය.

සෙත් පිරිත් සජ්ජායනා මැදසහල් පාත්‍රය පිරෙන තුරු සහල් දැමීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියන් විසින් සිදු කළහ. පසුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයින් පාත්‍රය සහලින් පිරවීමට විය. නැවුම් සහලින් පාත්‍රය පිරී ඉතිරි යන ලෙසින් ඔවුන් අලුත් සහල් පාත්‍රයට එක් කරනු ලැබීය.

පෙර රජ දවස සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි. අලූත් සහල්මංගල්‍ය පිළිබඳ සමරු කලාපය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාවට අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍යපල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද , උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)



අදහස් (17)

අලුත් සහල් මංග්‍යලය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන් අපුරේ

Mudali Sunday, 07 April 2019 09:22 AM

තරහමරහ අමතක කරල ආපහු එකතුවෙලාද...එහෙම නැත්නම් පහුගිය දවස්වල මුට්ටියක්වත් දාල බැලුවද..?

:       0       2

sirimal Sunday, 07 April 2019 09:46 AM

එක පිඟානේ කෑවත් බොක්ක වෙනස්.

:       0       42

Waruna Sunday, 07 April 2019 10:06 AM

හත්වෙනි පින්තුරය ගැන මොකද හිතන්නේ?

:       0       26

sirimalSunday, 07 April 2019 12:29 PM

එක්කෙනෙක් මෙහෙම කියනවා" ඔන්න දැක්කද? ආපහු විදුලිය කප්පාදු නොකරන්න නියන්සාය ඉවර වෙලා මොර සුරන වැහි රටපුරාම ලබාදෙන්න මගේ දෙයියෝ කියලා අපි බාරහාර පුදපූජා කළා විතරයි පේනවා නේද? ආකාසේ පුරාම වැහි වලාකුළු පිරිලා. බලන්න ලස්සනේ බෑ. " අනිත් එක්කෙනා කියන එක ඇහෙන්නෙත් නෑ ඇහුණත් කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. එයා වාඩිවෙලා ඉන්නේ නම් අනිත් කෙලවරේ. හරිද?

:       0       47

WarunaMonday, 08 April 2019 03:10 AM

රූපයට අනුව හරියට ඔයා කතාව හදල තියනවා සිරිමල් :))

:       0       15

HafeelMonday, 08 April 2019 08:02 AM

හත්වෙනි පින්තුරය ගැන කියන්න තියන්නේ තාම දෙදනා අතර වෛරය තියනවා වගේ.

:       0       11

Mudali Sunday, 07 April 2019 10:37 AM

දෙන්නෙක් සින්දුවක් කියනවා ''ලෝකය පෙරළෙයි.. කාලේ ගෙවී යයි.. මරුව ලඟා වෙනවා '' … මේක අහලා අනිත් කෙනාට හිසරදෙත් එක්ක වමෙනට යන්ඩ වගේ දැනෙනවා. මට හිතෙන්නේ එහෙමයි..

:       0       80

සරනපාල Sunday, 07 April 2019 10:47 PM

හත්වන පින්තූරයෙන් පෙනෙන්නේ, ජනාධිපතිට පෙන්වනවා කිරි හරකෙක් අහසින් එනහැටි.

:       0       46

surath Sunday, 07 April 2019 11:12 PM

මගොදිස් තුමාගේ රට රවටන මගඩි ක්‍රියා

:       0       61

malakka Monday, 08 April 2019 04:49 AM

මොන මෝඩ වැඩද මේ. කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් ඉවරයි. නිකන් සල්ලි නාස්තියක්

:       27       2

Sapumal. Monday, 08 April 2019 05:04 AM

පෙර සිට පැවතෙන මේ ක්‍රියාව හොද දෙයක්. ඒත් මේ වැදි නායකයාගේ කරේ තියෙන පොරෝ කෙටිය මේ වගේ පින්කමකදී ඉවත් නොකළේ ඇයි ? මොකද මේ අස්සේ පොරෝ ගෙනියන්නේ දර පලන්නද ?

:       2       45

ranil Monday, 08 April 2019 06:51 AM

රනිල් මෛත්‍රී එකට ඉන්න පින්තූර දකින දකින් සෑරේ, බමුණු අන්කල්ගෙ උණ වැඩි වෙනවා. වෛරය උතුරනවා.

:       1       31

Dayal Monday, 08 April 2019 08:32 AM

ජීවිතේකට කුඹුරකට බැහැලා නැතිව ඇති. මමනම් හොඳට කුඹුරු වැඩ කළ කෙනෙක්...

:       0       0

BamunuarachchiTuesday, 09 April 2019 03:06 AM

අහන්නත් සන්තෝසයි.

:       0       0

kumarage Monday, 08 April 2019 08:47 AM

හරියට රටම සහලින් ස්වයංපෝෂිත කරලා වගේ, අරෙහේ ගොවියෝ වතුර නැතුව දුක් විදිනවා, නිකන් බොරුවට කොටි ගණන් වියදම් කරලා සන්දර්ශන කරනවා, අන්තිමට කන්න හාල් ටික පිටරටවලින් ගේනවා, රවී මහත්තයා ප්‍රසිද්දියේම කිව්වේ, දැන් අපේ රටේ ගොවියා වී ගොවිතැනින් ඉවත් විය යුතුයි කියල..

:       33       1

ජනක Monday, 08 April 2019 04:43 PM

කුමාරගේ මහත්තයෝ, ලංකාවේ ගොවියන්ට නම් මේ දවස්වල වතුර වුවමනා කරන්නෑ. මොකද මේ දවස්වල ලංකාවේ ගොවියෝ අස්වනු නෙලන කාලේ මේ කාලෙට වැස්සොත් එයාලගේ අස්වනු හානිවීම පමණයි වෙන්නේ... ලංකාවේ ගොවියන්ගේ ජීවන රටාවත් පොඩ්ඩක් ඉගෙනගන්න.

:       0       1

Bamunuarachchi Tuesday, 09 April 2019 02:53 AM

කුඹුරු එපා සහල් පිටරටින් ගෙන්වමු කිවූ මොවුන්ව අලුත් සහල් මංගල්‍යට ගෙන්වුයේ මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6162 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7627 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18258 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1242 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9423 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 575 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site