(දයාරත්න ඇඹෝගම)
ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (7) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 52 වැනි වරට සංවිධානය කර තිබිණි.
ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩමවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල්මංගල්‍යය හෙළ චාරිත්‍රානූකූලව මගුල් බෙර හා හේවිසි නාද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වන අලුත් සහල් පෙරහර ජය ශ්‍රී මහා බෝ සමිදුන් පැදකුණු කර පැමිණි අතර, වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨීකාවේ තැන්පත් කර ඇති පාත්‍රයට ප්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා ඇතුලු මැති ඇමැතිවරුන් විසින් හා ගොවි මහත්වරු විසින් පුරවනු ලැබීය.
සෙත් පිරිත් සජ්ජායනා මැදසහල් පාත්‍රය පිරෙන තුරු සහල් දැමීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියන් විසින් සිදු කළහ. පසුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයින් පාත්‍රය සහලින් පිරවීමට විය. නැවුම් සහලින් පාත්‍රය පිරී ඉතිරි යන ලෙසින් ඔවුන් අලුත් සහල් පාත්‍රයට එක් කරනු ලැබීය.
පෙර රජ දවස සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි. අලූත් සහල්මංගල්‍ය පිළිබඳ සමරු කලාපය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මෙම අවස්ථාවට අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍යපල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද , උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.





ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)
COMMENTS
තරහමරහ අමතක කරල ආපහු එකතුවෙලාද...එහෙම නැත්නම් පහුගිය දවස්වල මුට්ටියක්වත් දාල බැලුවද..?
එක පිඟානේ කෑවත් බොක්ක වෙනස්.
හත්වෙනි පින්තුරය ගැන මොකද හිතන්නේ?
දෙන්නෙක් සින්දුවක් කියනවා ''ලෝකය පෙරළෙයි.. කාලේ ගෙවී යයි.. මරුව ලඟා වෙනවා '' … මේක අහලා අනිත් කෙනාට හිසරදෙත් එක්ක වමෙනට යන්ඩ වගේ දැනෙනවා. මට හිතෙන්නේ එහෙමයි..
හත්වන පින්තූරයෙන් පෙනෙන්නේ, ජනාධිපතිට පෙන්වනවා කිරි හරකෙක් අහසින් එනහැටි.
මගොදිස් තුමාගේ රට රවටන මගඩි ක්‍රියා
මොන මෝඩ වැඩද මේ. කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් ඉවරයි. නිකන් සල්ලි නාස්තියක්
පෙර සිට පැවතෙන මේ ක්‍රියාව හොද දෙයක්. ඒත් මේ වැදි නායකයාගේ කරේ තියෙන පොරෝ කෙටිය මේ වගේ පින්කමකදී ඉවත් නොකළේ ඇයි ? මොකද මේ අස්සේ පොරෝ ගෙනියන්නේ දර පලන්නද ?
රනිල් මෛත්‍රී එකට ඉන්න පින්තූර දකින දකින් සෑරේ, බමුණු අන්කල්ගෙ උණ වැඩි වෙනවා. වෛරය උතුරනවා.
ජීවිතේකට කුඹුරකට බැහැලා නැතිව ඇති. මමනම් හොඳට කුඹුරු වැඩ කළ කෙනෙක්...
හරියට රටම සහලින් ස්වයංපෝෂිත කරලා වගේ, අරෙහේ ගොවියෝ වතුර නැතුව දුක් විදිනවා, නිකන් බොරුවට කොටි ගණන් වියදම් කරලා සන්දර්ශන කරනවා, අන්තිමට කන්න හාල් ටික පිටරටවලින් ගේනවා, රවී මහත්තයා ප්‍රසිද්දියේම කිව්වේ, දැන් අපේ රටේ ගොවියා වී ගොවිතැනින් ඉවත් විය යුතුයි කියල..
කුඹුරු එපා සහල් පිටරටින් ගෙන්වමු කිවූ මොවුන්ව අලුත් සහල් මංගල්‍යට ගෙන්වුයේ මොකටද?