IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘අරුවක්කාලු රතු පසෙහි ටයිටේනියම් ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා’

(මුදිතා දයානන්ද)
      
අරුවක්කාලූවල හුණුගල් කැනීමේදි ඉවත් කරන රතු පසෙහි ටයිටේනියම් තිබේදැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පරීක්ෂණ අරඹා ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
      
අරුවක්කාලූ ප‍්‍රදේශයේ හුණුගල් කැඩිම් සිදුකරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසිනි. එය ලංකා සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබී පසුව පෞද්ගලිකරණය කරන ලද ආයතනයකි.
      
ටයිටේනියම් යනු ඉතාමත් වටිනා සැහැල්ලූ ලෝහයකි. තාපයට ඔරොත්තු දෙන ජලයෙන් හා රසායනික ද්‍රව්‍යවලින් විඛාදනයට ප‍්‍රතිරෝධයක් දක්වන ලෝහයකි. එහි ස්වභාවය අනුව විශේෂයෙන්ම ගුවන් යානා නිෂ්පාදනයේදි යොදා ගැනේ.
      
අරුවක්කාලූවල සිමෙන්ති නිෂ්පාදනය සඳහා හුණුගල් කැනීම් කරද්දි ඉවත් කෙරෙන පස ඉතාමත් තද රතු පැහැයක් ගන්නා අතර ඒවායේ ටයිටේනියම් අඩංගු බවට සාකච්ඡාවක් මතුව තිබේ.
      
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පරීක්ෂන අරඹා තිබෙන්නේ එය තහවුරු කරගැනීම සඳහාය. යම් ලෙසකින් එම පසෙහි ටයිටේනියම් අඩංගු වන බව තහවුරු වුවහොත් එය කාර්මික ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වනු ඇති බවද වීරවංශ මහතා පැවසීය.



අදහස් (6)

‘අරුවක්කාලු රතු පසෙහි ටයිටේනියම් ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා’

ravi Tuesday, 18 February 2020 11:30 AM

කොහෙන් ඇහිඳ ගත්ත දේවල්ද දන්නේ නැහැ ... ඔහේ කියවනවා ..

:       0       0

Keppitipola Tuesday, 18 February 2020 11:56 AM

ටයිටේනියම් නිධියට දෙයියන්ගේ පිහිටයි. මෙයා නිවාස ඇමති වෙලා ඉන්න කාලේ තම පවුල් සංවර්ධනය කරලා මෙයත් සංවර්ධනය උනා කියල බරපතල චෝදනා තියෙද්දී මෙවැනි කෙනෙකුට ඇමතිකම් දීමෙන් ගෝඨාභය ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පලුදු වනු නියතය. හොරුන්, දූශිතයන් පලවා හැර පොරොන්දු වූ පරිදි අවංක, බුද්ධිමත්, දක්ෂ උගතුන් ඇමති මණ්ඩලයට පත් කළ යුතයි. ජනතාව රවටන උගත් කමක් නැති කට හැකර වාචාලයන්ව පාර්ලිමේන්තුවට පත් නොකිරීම ජනතාවගේත් සියලුම දේශපාලන නායකයින්ගේත් වගකීමයි.

:       0       2

Wijebahu Tuesday, 18 February 2020 11:58 AM

2/3 දුන්නොත් ටයිටේනියම් දෙනවා.

:       0       1

Chathuri Tuesday, 18 February 2020 12:48 PM

මුළු ලංකාවම දන්නා දෙයක් නුගතුන් මේ රට කරන්නේ කියලා. ලේකම් ඇතුළු ඔහු යටතේ වැඩකරන අයගේ දැනීමට කරන දෙයක්. උසස් පෙළ වත් නොකරපු කෙනෙක් කොහොමද මෙවැනි දෙයක් තේරුම් ගන්නේ ? සමීක්ෂණ කරනවා කියන්නේ වටවෙලා අතගාලා බලනවා නෙමේ. මෙවැනි කට්ටිය නිසා තමයි ජනතාවට විෂ ආහාර පාන දීලා සියලුම දෙනාට වකුගඩු අමාරු පිළිකා වැනි භයානක රෝග. මෙවර මැතිවරණයෙන් නුගත් පල් හොරු ගෙදර අරින්න.

:       0       1

Pradeep Tuesday, 18 February 2020 01:43 PM

නියමයි.. ටයිටේනියම් හමු වුනොත් ඇමරිකාවට ඒ පස් ටික දෙන්න පුළුවන්. අර හයිටියට කලා වගේ.

:       0       26

Dasa P Thursday, 20 February 2020 03:52 AM

ඕවත් ඔක්සිජන් වගේ ජාතියක්ද ? කාලයක් උතුරු මුහුදෙන් තෙලුත් අදින්න ගිය ඔය විදියටම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1041 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site