(ඩයනා උදයංගනී)
අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි සැකයක් මතු වී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම පිපිරීම හේතුවෙන් අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරනු ලබන නියාමන ටැංකියේ එහි මතුපිට ස්ථරය විනාශ වී ඇතැයිද එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම සිද්ධියට පාදක වූ හේතු සෙවීම සඳහා පොලීසියත්, ඊට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමකුත් විසින් මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ටැංකියේ ජනනය වූ මීතේන් වායුව පුළුස්සා පරිසර හිතකාමී ලෙස වායු ගෝලයට මුදා හැරීම වායු පිළිස්සීමේ උපකරණ 12 ක් යොදා ගනිමින් සිදුවන බැවින් ටැංකිය පුපුරාගියේ මීතේන් වායුව හේතුවෙන් බවට පැතිරෙන කට කතා සම්පූර්ණයෙස්ම අසත්‍ය ඒවා බව කසළ අංගනයේ ව්‍යාපෘති නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.
මෙවැනි මිලිමීටර් 700 ක් ඝනකම සහ මතුපිට ආවරණය මිලිමීටර් 400 ක ඝනකමකින් යුත් දැඩි කොන්ක‍්‍රීට් ආවරණයකින් සමන්විත මෙහි කිසි සේත්ම මීතේන් මගින් පුපුරා යාමක් සිදුවිය නොහැකි බව ද ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අරුවක්කාලු පිපිරිම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයයි
cyril Tuesday, 08 October 2019 11:10 AM
සිදුවී ඇත්තේ වැඩ අවසන් නොකරපු පද්ධතියේ කුණු දැමීම නිසා මීතේන් වායුව රැස්වන ටැංකියක් පිපිරීමයි. පීඩන පාලන උපකරණ තවම සවි කර නොමැත.
widuraTuesday, 08 October 2019 11:40 AM
ඔබතුමා කිව්ව කතාව ඇත්තක් විය හැකිය. කරුණාකර ඔබ ඉදිරිපත් කරන අදහස සනාථ කර ගැනීම සදහා තවත් කරුණු ඉදිරිපත් කරන්න.
najmin Tuesday, 08 October 2019 11:15 AM
හොයලා මොනවා කරන්නද ? අපේ පුත්තලමට කොළඹ කුණු එපා.
කොළඹ කුණුTuesday, 08 October 2019 12:13 PM
එහෙම කොහොමද? එතකොට අපේ කොළඹ කුණු කොහෙටද දාන්නේ?
samitha Tuesday, 08 October 2019 01:32 PM
අපේ ගමට කුණු ඕනේ නැහැ.
KamalTuesday, 08 October 2019 02:19 PM
එහෙනම් පුත්තලමේ වෙනම රටක් හදා ගන්න
කැප්Tuesday, 08 October 2019 09:14 PM
එහෙනම් පුත්තලම් අය කොලඹ වැඩට එන්න එපා
rama Tuesday, 08 October 2019 11:19 AM
මේක ගෝටාබය කලාද දන්නේ නෑ හොයල බලන්න වෙයි.