(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඩී.කේ. ජීනේද්‍රසිංහ)
අරුවක්කාලු කසළ අංගනය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සහ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල වාර්තාවක් 8 වැනිදා කැඳවන ලෙසට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද (1) නියෝග කළේය.
අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ වනාතවිල්ලුව පොලිසිය මගින් මහජන පීඩාවක් වන අයුරින් සහ නොවිධිමත් ආකාරයට අරුවක්කාලු කසළ අංගනය පවත්වාගෙන යන බවට අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.
වනාතවිල්ලුව පොලිසිය මගින් දිර්ඝ ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ මේ වන විට ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට ඉදිකිරිම් අවසන් වීමට ප්‍රථම නිසි ක්‍රමවේදයක් නොමැතිව අවිධිමත් ලෙස කසළ බැහැර කිරිමෙන් 1979 අංක 15 දරණ අපරාධ විධිවිධාන සංග්‍රහයේ 98 වන වගන්තිය ප්‍රකාරව මහජන පීඩාවක් සිදුව ඇති බවයි.
එසේම පොලිසිය වැඩි දුරටත් පවසා සිටියේ කසළ අංගනයෙන් පැතිරි යන අධික දුගද හා ගෑස් වැනි රසායනික ද්‍රව්‍ය බලපෑමෙන් සේරක්කුලිය හා කරතිව්වල ජනතාව දැඩි පීඩාවන්ට පත්ව ඇති බවට පසුගිය 28 දින දිර්ඝ පෙත්සමක් සමඟ පැමිණිලි 13ක් පොලිසියට ලබා දී ඇති බවයි.
මෙහිදි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම කසල අංගනය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයෙන් සහ පුත්තලම සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් මේ සම්බන්ධව වාර්තාවන් ලබා ගැනීමට නියෝග නිකුත් කරන ලෙසය.
මෙම සියලු කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කෙරුණේ මෙම කසළ අංගනය සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය් වයඹ කාර්යාලයට හා පුත්තලම සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයන්ට අදාළ වාර්තා ලබන 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසය.
මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතිඥ සහනි උත්පලිකා අයගමගේ මහත්මිය සමග 7 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරුවක්කාලු කසළ අංගනය ගැන සෞඛ්‍ය වාර්තාවක් කැදවන්නැයි නියෝග