
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවක අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණය භාවිතයෙන් කිරීමටත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගතවී ඇති ආකාරය ජංගම දුරකතන කෙටි පණිවිඩ සේවාව ඔස්සේ (SMS) ලබා දීමටත් කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.
මීට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා (07) සම්මත කර ගැනීමට කරගැනීමට නියමිතය.
මේ අතර සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟතාව පළ විය.
එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී වැඩිදුරටත් එකගත්වය පළවිය.
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්විය. මෙම කාරණාවලට එකඟත්වය පළවී ඇත්තේ එම රැස්වීමේදීය.
තවද 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ ගැසට් කර ඇති උපද්‍රවකාරී රැකියා ලැයිස්තු නියෝග සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් කාරක සභාව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අර්ථසාධක ගිණුම් තොරතුරු එස්.එම්.එස් මගින්