(සුජිත් හේවාජුලිගේ )
සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමිවී ඇතැයි රජයේ විගණන කාර්යාලය පවසයි.
සේවක අර්ථසාධක අරමුදල 2020 වර්ෂයේදී එක්තරා සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් එම සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම නිසා අහිමිව ගොස් ඇතැයි රජයේ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මෙයට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති බවත් 2020වර්ෂය වන විටද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබීම නිසා එම මුදල්වලින් කිසිම ප්‍රතිලාභයක් අත් නොවුණු බව ඒ වාර්තාව සඳහන් කරයි.
සේවක අර්ථසාධක අරමුදල ලයිස්තුගත සමාගම් 83ක රුපියල් කෝටි අටදහස් තුන් සිය හතළිස් හයක මුදලක් ආයෝජනය කර තිබුණද 2020 දෙසැම්බර් මස 31 වෙනිදා වනවිට එම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම කෝටි හත් දහස් අසූවක් දක්වා කෝටි 1265 කින් එනම් සියයට 15කින් පමණ පහත වැටී තිබුණු බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අර්ථසාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ
Shan Saturday, 08 January 2022 01:59 PM
ඔය තියෙන්නේ රාජපක්ෂලා ඇතුළු මෝඩයන්ගේ කෙරුවාවල්... අපරාදෙ අපේ සල්ලි.
Sumana Sunday, 09 January 2022 08:23 AM
විශ්‍රාම වැටුපෙනුත් ගහගෙන ඒ අයගේ ගිණුම් වල දාගන්නවා. මෙහෙමත් මිනිස්සු.