නිමන්ති රණසිංහ
පස්වරු 6.00
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.
ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.
පස්වරු - 5.45
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කෙරිණි.
(තරිඳු ජයවර්ධන)
ඛනිජ තෙල් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
ඊයේ (29) ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු උණුසුම් අවස්ථාවේ දී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ අතර එම සිද්ධියට සැකපිට රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් අගමැති වූ අවස්ථාවෙන් මහින්ද අගමැති වූ අවස්ථාවේත් වෙනස කොපමණද?
ආරක්ෂකයා වෙඩි තිබ්බ. දුමින්දට මරණ දඬුවම හිමිවුණා.
අනුහයේ ලෝක කුසලානය දිනා දුන්නා වගේම මගේ රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම සඳහාත් ඔබට ශක්තිය ලැබේවා. 2015 පොදු අපේක්ෂකයා වෙන්න තිබුණේ ඔබ.
තැවි තැවී ඉන්නේ නැතිව එදා රනිලුත් මේවගේ ක්ෂණිකව තීරණ ගත්තනම්......
මම මේ තීරණයට විරුද්දයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් එක රැයින් තමන්ගේ අමාත්‍යාංශය නැතිවුනහම ඔහුට අයිතියක් තියෙනවා ඔහුගේ පුද්ගලික දේවල් කාර්යාලයෙන් ඉවත්කරගන්න. ඒකට අමාත්‍යංශයේ වැඩ කරන සේවකයින්ගේ අවසරයක් උවමනා නැහැ. අර්ජුනට හිරිහැර කරපු අයව වහාම අත්අඩංගුවට ගතයුතුයි.
මෙයා කරලා තියෙන දේවල් වලට එල්ලලත් මදි...
දැන් තමයි ඉසුරන්දිගේ මොලේ නෑ කියලා තේරුනේ
යහපාලනය වෙනුවට සිරිසේන මැර පාලනය ස්ථාපිත කර ඇත. අමාත්‍යාංශයකට දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවක ඇතුල් වෙන්නේ කවුද? කොහොමද? පොලිසිය මගින් අත්අඩංගුවට ගත යුත්තේ කවුද? නොගත යුත්තේ කවුද? කියලා තීරණය කිරීමේ අයිතිය නූගත් මැර කල්ලි විසින් තමන්ට පවරාගෙන ඇති අතර රටේ නීතිය හා සාමය යනු මැරයන්ගේ කැමැත්ත හා අභිප්‍රාය වී ඇත.
අපේ මිනිස්සු හැමදාමත් කරන්නේ කාගේ හරි පැත්තක් අරන් ඒ මිනිහා බේරන්න, සුද්ද කරන්න හදන එක. මේවල අදහස් දාන කිසි කෙනෙක් මේ අයගෙ මේ වැඩ හන්ද රටට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. අපේ දරුවොන්ට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. දැන්වත් මේ දේසපාලුවෝ වෙනුවෙන් කතා නොකර තමන්ගේ රට ගැන කතා කරන්න. අපේ මතු පරපුරට උරුම වෙන විනාසේ ගැන කතා කරන්න. දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නේ පිල් දෙකයි. එකක් දෙසපාලුවන්ගේ පිල. අනික අසරණ ජනතාවගේ පිල. පාරට බහින්න කාලේ හරි. තවත් හිටියොත් අපිට ඉතිරි වෙන දෙයක් නෑ. මමත් මගේ මුළු පවුලත් ඉන්නේ යුරෝපේ. ඒත් අපිට කැක්කුමයි ලංකාවේ ඉන්න බොහෝ දෙනාට වඩා.
එක්ස්ප්‍රස් ඇප අහෝ සාමාන්‍ය මිනිසෙකු වුනානම් කොහොමද පළමුව පරීක්ෂණ අවසන් නැත 14 දවසක් හිරෙ.
ඕනෑම තැනක යම්කිසි ආයතනයක පාලනය මාරුවීමේදී නව බලධාරින්ට බාරදෙන ක්‍රමයවේදයක් තියෙනවා. තාමත් හරි හමන් නිසි බලධාරියෙක් හෝ අැමැතිවරයෙක් නොමැති අවස්ථාවකදී අමාත්‍යවරයා ලෙස අර්ජුන මහත්මයා රටේම වැදගත් අමාත්‍යාංශයක් වන ඛණිජතෙල් අමාත්‍යාංශයට යාම වරදක් නොමැති බවයි පෙනෙන්නේ. ඕක ඇතුලේ ඉන්න තෙල් මාෆියාවට සම්බන්ධ මැරයෝ යොදා ගැනීම අනුමත කළ නොමැති ක්‍රියාවක්...
ඉසුරුන්දී, ඔයා පේන කියන්න දන්නවා. ඕනේ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. සත්‍ය ජයගන්න බව දැන ගන්න.
ජනතාවට හිරිහැරයක් වන දඩාවතේ යන අයව යැවිය යුතුයි.
ලංකාවේ දේශපාලනය යනු දේශපාලකයන්ගේ සූරාකෑම පමණකි. මිනිසුන්ගේ සිත්වලට කාවද්දලා ඇත්තේද එම පණිවිඩයයි ....
ලුම්බිණි, මේක මහින්ද කරපු වැඩක් නෙමෙයි... ඔබේ ආදරණීය රනිල්ගේ ඇමති අණදුන් මිනීමැරුමක්, තමන් කැමති විදියට බලන්න පුලුවන් නමුත්...
ආණ්ඩුව එක දවසින් වෙනස් වුණාම පාර්ලිමේන්තුව කිසිම සාධාරණ හේතුවක් නැතිව කල්දමල තිබෙන කොට හිටපු ඇමතිවරයෙකුට තම පරණ කාර්යාලයට යන්න මැරයෝ බාධා කරනවා නම් මේකද මෛත්‍රී පාලනය? තත්වය පාලනය කරගන්න බැරි වුණාම, අර්ජුනගේ ජීවිතය බේරාගන්න ආරක්ෂක නිලධාරියා වෙඩි තබන්න ඇති... දුමින්ද සිල්වාගේ ප්‍රශ්නෙත් මෙතනත් ලොකු වෙනසක් තිබෙනවා
උපුල්ගේ ටිකිරි මොළයට මේවගේ කරුණු තේරුම් ගන්න අමාරුයි වගේ.