(අජන්ත කුමාර අගලකඩ)
ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි .
ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට හෙට (27)ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද ඊට ඇතුළත් කර ඇත .
රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනෙනු ඇත . ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර ,ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.
ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
COMMENTS
මම හිතුවේ ආපු විදියට හොද මොල කාරයෙක් කියලා. බැලුවම පුස් වෙඩ්ල්ලක්නෙ.
මෙහෙම ණය අරගෙන ගෙවන්නේ කවුද.?
මම හිතුවට වඩා නම් අඩුයි මේ පාර අයවැය හිඟය.
එහෙම තමයි මොළ හතකින් වැඩ කරනකොට. එක මොලයක් තියෙන අපිට ඕවා තේරෙන්නේ නැහැ.
ඔය අය වැය හිඟය අඩු කරන්න ලේසිම ක්‍රමය තමයි මහා බුරුතු පිටින් ඉන්න දේශපාලකයන් සහ පිරිවර, ප්‍රාදේශීය සභා සෙට් එකේ නඩත්තුව සඳහා යන වියදම අවූරුද්ද 2 ක් පමණ කපලා දාන එක.
පදනමක් නොමැතිව බදු ප්‍රතිශතය අඩු කළ ජනාධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් සඳහා අමතන්න.
ඔව් ඉතින් ඔය කොටි තුන් ලක්ෂයක ණය ආපහු ගෙවන්නේ...
නිකං විහිලුවට කියන්නේ, ඔය සෙට් එකේ හා රජ පවුලේ කටියගේ දවසක වියදම එකකතු කරල දැම්මොත් ඔය ගත්තයි කියන ණයෙන් භාගයක්ම උනමනාවක්ව තියනවා නං ආපහු ගෙවල දාන්නත් පුලුවන්. ඒක විහිලුවක් උනත් හැබෑවටම වෙන්නෙ ගත්ත මුදලෙන් වැඩි කොටසක් මාටියා ගහන එකයි.
එන්න අපි තව ජොගින් ට්‍රැක් හදමු.
ඔගොල්ලො හැමදාම කලේ ඔක නේ, රට බංකොලොත් උනාට, ඔගොල්ලො කොටි පතියො වුනා, ඉදිරියටත් ඔහොමම තමයි.
වැඩක් කරන්නේ නැති රජයේ සේවයට අධික ලෙස වරප්‍රසාද දුන්නම ඔහොම වෙනවා.
කොච්චර ආදයම් අඩු උනත් , වියදම් පියව ගන්න මුදල් නැති උනත් , කොරෝන කාලෙදිම පිහිටුවාගත්ත වැඩකට නැති මෙගා කැබිනට් මණ්ඩලය නම් අඩු කරන්නේ නැහැ මේ අය කවදාවත් , ජනතාවට පුළුවන් තරම් ඒ බර පට වන එක විතරයි කරන්නේ.
දුප්පත් කෙනෙකුගේ මාසික වැටුප 50 000 ක් 60 000 ක් වගේ. ඒත් සමහර අයහේ මාසික වැටුප ලක්ෂ 3 කටත් අධිකයි. ඉතින් මෙතරම් විෂමතාවයක් පැවතීම සාධාරණ නැහැ නේද? අධික ආදායම් ලබන අයවරුන්ට අධික බදු පනවා එම බදු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට හා අයවැය පරතරය අඩු කිරීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
අපෝ ඔච්චරද ගත්තේ තව ලක්ෂයක් ගන්න බෙදාගන්නත් එක්ක.
මේව ඔක්කොම ආපසු ගෙවිය යුතු ණය නිසා කවද ගෙවලා ඉවර කල හැකි ණය කන්දරාවක්ද ? පහසුම ක්‍රමය නම් ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ඇතිව ඩොලර් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීමයි. උත්සාහ කලොත් බැරිවෙන එකක් නැහැ.
ඔබතුමාව පත්කරගත්තේ ඔහොම කරගන්න තමයි.
දැනුමට සුදුසු වටිනාකමක් තිබීම සත්‍යකි.. දුප්පතෙක් දවසම මහන්සි වී දිනකට උපයන රුපියල් 2000ක් වගේ මුදලක් තවත් අයෙක් විනාඩි දෙකෙන් වගේ උපයනවා. දොස්තර කෙනෙක්ගේ චැනල් ගාස්තු ඒ වගේ.. ඉතින් මෙතරම් විෂමතාවයක් තිබීම සාධාරණයිද? එම නිසා අදායම් මට්ටම් අනුව වැඩිවන පරිදි බදු වැඩිකර එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබාදීම සුසුදුයි.
කෝ අපේ බයියෝ... සර්ට කඩේ යන්න එන්නැද්ද?
69 ලක්ෂයේ සිහින සැබෑ කරලා,සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ වෙන්ඩැ ණය ගන්ඩ හදන්නේ? ඊට වැඩිය පිටරට හන්ගපුවා,පවුලේ අයගේ නම් වලින් දාපු ගිණුම් වලත් මුදල් නෑ කියලද?