IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’’අය-වැයෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිවක් නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙවර අයවැයෙන් රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාමෙන්, ආදායම් අහිමි වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මෙවර අයවැය පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටි බවත් ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් වූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, තරුණයන්ගේ විරැකියාවට පියවර ගැනීම, රටට ආයෝජන ගෙන්වීම  ඇතුළු කිසිදු වැඩපිළිවෙළක් මෙවර අයවැයේ  සඳහන් නොවීම පිළිබඳ විපක්ෂය කනගාටු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආදායම බිලියන 500 කින් අඩුවී ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසුවත් එම ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ආණ්ඩුවේම වැරදි තීරණ බවත් ඔහු පැවසීය.

ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමෙන් රටට රුපියල් බිලියන පන්සියයක් අහිමි වූ බවත් කිරිඇල්ල මහතා කීවේය.

රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ කළත් එවැනි කිසිවක් මෙවර අයවැයෙන් නොතිබූ බවත් ඔහු පැවසීය.

ඒ වෙනුවට 2010 අයවැය ඉදිරිපත් කළ ඇතැම් කරුණු මෙවර අය වැයේදී සඳහන්ව තිබූ බවත් ඔහු  කියා සිටියේය.

රටේ ගැටලු වලට විසදුම් නොමැති, ජනතාවට සහන නැති  අයවැයක් මුදල් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (8)

’’අය-වැයෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිවක් නැහැ’’

Raveendra Friday, 12 November 2021 08:37 PM

උගත්, බුද්ධිමතානෝටම හරියන කෙනෙක් උම්බෑ නද දෙයි...

:       0       50

මහසෙන් Friday, 12 November 2021 08:58 PM

ගොන්නුන්ටවත් සහනයක් නැද්ද? මම හිතුවේ මෙයාව ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කරලා කියලා.

:       0       34

අගුපිලගේ Friday, 12 November 2021 09:01 PM

ඇයි එහෙම කියන්නේ? අවුරුදු පහක් යනතුරු කිසිවකු විශ්‍රාම නොගන්නා නිසා පාරිතෝශික ගෙවීමට අවශ්‍ය නැහැ. බඳවා ගැනීමට නොහැකි වේ. මෙතෙක් විශ්‍රාම ගත් අය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායකත්වය දුන්නත් එය නැතිවේ. ඒ වෙනුවෙන් බැංකු හරහා දුන් ණය දීමට අවශ්‍ය නැහැ.. මුදල් ඉතිරි වේ..

:       0       22

Kamal Friday, 12 November 2021 11:20 PM

මෙයා නේද නුවර ඉඩම් ටික මැන මැන යන්නේ...? 

:       0       0

Sam Saturday, 13 November 2021 05:37 AM

කෝ මේ අයවැයෙන් කාබනික පොහොර නිසා පාඩුවන ගොවීන්ට වන්දි? කැරට් අලයක් නේද?

:       0       0

Chinthaka Saturday, 13 November 2021 09:19 AM

ඕන ගොනෙකුට අයවැයක් හදන්න පුළුවන්ද?

:       0       0

janahitha Saturday, 13 November 2021 09:41 AM

ඔබගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න දූෂණ, වංචා නවතින වැඩපිළිවෙළක් අපි සලකා බලන්නම්...

:       0       0

RaveendeaSaturday, 13 November 2021 02:50 PM

හීනෙන්වත් මහජන දේපළවලට අතවත් නොතබන මේ පින්වතා තමන් පට්ටියේ බලයේ සිටිනවිට "හන්තානට පායන සඳ ලස්සනයිද බලන්න" හන්තාන කන්දේ සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගත්තා කියලා "හන්තානේ පුවත්වල" ලොකු අකුරෙන් තිබුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30703 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12704 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10920 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 810 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site