
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව එම සමාගම ද මිල ඉහළ දැමූ බව එම සමාගමේ ප්‍රකාශයෙක් පැවසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මීට මාස දෙකකට පමණ පෙර ඩීසල් සහ පෙට්‍රල් රුපියල් 5 බැගින් වැඩි කිරීමට කටයුතු කළේය.
ඒ අනුව ඔප්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 ක්, ඔප්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 210 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 121 ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 159 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 87 ක් දක්වා ද ඉහළ දමා තිබේ.
COMMENTS