
(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.
ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත.
මෙම සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීය.
එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වා ද, ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලනය කරන්න ආණ්ඩුවක් නැති නිසා කමක් නැහැ.. බලා හිඳිමු...!
හොඳ වැඩක්...
ඩෙලිකා වර්ගයේ වෑන් රථ ලෙසට තිබුනු වාහන (පෙර 34 ශ්‍රී 38ශ්‍රී වාහන) භාණ්ඩ ප්‍රවාහන වාහන ලෙසට සකසා ගෙන ජීවත්වන අසරණ රියදුරන් බොහෝ නගරවල අදටත් සිටිනවා.. එදාවේල සොයාගෙන ජීවත්වන ඔවුන් 69 ලක්ෂයේ අය තමයි. නමුත් දැන් ඔවුන් සිටින්නේ හෙට නොවෙයි, අද කුමක් කරන්නද කියන තත්වයකින්..!