
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශවකරුවකු ලෙස ගණුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාගෙන ඇති බවත් කී ඇමතිවරයා එයින් මෙතෙක් ලබාගත් විශාලතම මුදල ලෙස, 2008 වසරේ යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඩොලර් බිලියන 2.5ක් ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය.
එහි සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසයන් පළුදු කරගෙන නැතැයි කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්‍ෂව ඒ දෙස බැලිය යුතු බව ද කීවේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැතැයි ද ඇමතිවරයා පැවසීය.
ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවීම සඳහා ඩොලර් මිලියන 500 ලැබුණේ කොහෙන්දැයි මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මෙතෙක් පැවතියේ එය ගෙවීමට හැකිද යන්න ගැන පසුගිය දිනවල ලොකු තැතිගැනීමක් තිබූ බවත්, ආර්ථික කුණාටුවක් අභියස සිටියදී එය නිමාවූ සතුට භුක්ති විඳිය යුතු බවත්ය.
බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් බව ඇමතිවරයා කීවේය.
COMMENTS
අපේ රටේ කොමිස් බහිරවයන්ට නම් අයි එම් එෆ් බිල්ලෙකි
උතුමෝ,කබරගොයා දැන් කබරයෙක් වෙලා නේද?
අපි නම් බය නෑ. ඔයාගේ අර තණ්හා අධික සාටක ලොක්කන් තමයි බය... චීන ණය වගේ හැත්ත බුරුත්තටම හොරාකන්න බැරි නිසා...
හ හ හා..........
ඔබතුමා ඔහොම කිව්වාට අනිත් අය අපිට කිව්වේ යකෙක් කියලානේ...!!!
අපි එහෙම කිව්වේ නැහැනේ..? ඉතින් ඇයි අපිට කියන්නේ? ඔව්වා කියන්න ගිහිල්ලා ඔයාගේ අර අවියත් නායකයාට... යන්නේ කොහේද.. මල්ලෙ පොල්.. කිය කිය නාහෙන් අඬන මල්ලිට.. අයියා නම් දැන් නාහෙන්වත් අඬාගන්න බැරුවයි ඉන්නේ..
හරියට අපි යන්න එපා කිව්වා වගේනේ කතාව...!
අනේ අනිච්චං... දැන්නම් ෆුල් හාන්සි වගෙයි.
ඕන තැනකට ගිහිල්ලා හිඟාකන්න. ඒත් ජනතාවට ඉන්න, හිටින්න රටක් ඉතුරු කරලා...
ඕක කියන්න කබ්බ රැළට...!