IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අයවැය 3වැනි වර කියවීමේ ඡන්ද විමසුම අද

(බන්දුල ඉලේපෙරුම)
 

දින 21ක් පුරා පැවැති 2021 වසර සඳහා වන අයවැය විවාදය අද(10) පස්වරු 5ට අවසන් වීමට නියමිත අතර අයවැය තුන්වැනිවර කියවීමේ කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් 18 සිට 21 දක්වා පැවැති අතර එහි ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 99කින් සම්මත විය.

ඉන්පසු නොවැම්බර් 23 සිට පැවැති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පැවැත්වෙන මුදල් අමාත්‍යංශයේ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ ත්‍රිත්වයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු පැවැත්වේ.

2020 වසර සඳහා පාර්ලිමේන්තුව අවසන් වරට අද රැස්වන අතර මීළඟ සභා වාරය එළැඹෙන වසරේ ජනවාරි 5වැනි දින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

මේ අතර මේ දිනවල පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අද සවස අයවැය අවසානයේ කථානායක නිල නිවසේ දී 700කට වැඩි පිරිසකට සාදයක්ද සංවිධානය කර ඇත.



අදහස් (0)

අයවැය 3වැනි වර කියවීමේ ඡන්ද විමසුම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 175 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 371 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site