IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයියගේ පහරදීමෙන් මල්ලී මරුට

 

(දයාරත්න ඇඹෝගම)

වෙහෙරගල,ගම්මාන හත ප්‍රදේශයේ නිවසක් තුල අද  (09) ඇතිවු ආරාවුලක් දිගදුර ගොස් සිය බාල සොයුරාගේ හිසට පොල්ලකින් පහරදි ඝාතනය කිරිමෙන් පසුව සැකකාර වැඩිමහල් සොයුරා පැමිණ භාරවු බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙම ආරවුලින් මිය ගොස් ඇත්තේ අංක 130,ගම්මාන 07,වෙහෙරගල යන ලිපිනයේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර(34)නැමති පුද්ගලයෙකි.

මියගිය මෙම පුද්ගලයාත් ඔහුගේ 53 හැවිරිදි සැකකාර සොයුරාත් එකම නිවසේ පදිංචිකරැවන් බව පොලිසිය කියයි.

සැකකරැ මිට පෙර සිදුකරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 12 ක් බෝගම්මබර බන්ධනාගාර ගතව පසගිය නොවැම්බර් මස 30 වැනිදා නිවසට පැමිණ පුද්ගලයෙකි.

බෝගම්බර බන්ධනාගාරයේ කොරෝනා වයිරසය වැළදුණ රෝගින් ඇසුර කර තිබු නිසා මෙම සැකකාර සොයුරාත් ඔහුගේ මියගිය සොයාරාත් නිවස තුලම ස්වයං නිරෝධනයට ලක්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවද පොලිසිය සදහන් කළේය.

මොවුන් දෙදෙනා අතර අද(09)දින අලුයම එකට පමණ සිදුවු ආරාවුලක් නිසා සැකකාර වැඩිමහල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට පහරදි තිබේ.එම පහර දිමෙන් පසුව බාල සොයුරා එම ස්ථානයේම මිය ගොස් තිබුණි.

 

සිද්ධිය වන අවස්ථාවේදි මොවුන් දෙදෙනාම බිමත්ව සිටි බවත් ඔවුන් දෙදෙනාටම මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවද පොලිසිය පවසයි.=තඹුත්තේගම පොලිසියට පැමිණ භාරවි තිබේ.

ඔහු  අද(09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

අයියගේ පහරදීමෙන් මල්ලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site