IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අඹු සැමි ගැටුමකින් සැමියා මරුට

( ඔගස්ටින් ප්‍රනාන්දු)

අඹු සැමි යුවළක් අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් බේරීමට මැදිහත් වූ  අසල්වැසියෙකුගේ පොලු හා ඉදල් පහරින් බරපතල ලෙසින් තුවාල ලද සැමියා  සිද්ධය වු ස්ථානයේදීම මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම ගල්කුලිය පෙරියමඩුව ප්‍රදේශයේ විසු වික්‍රමසිංහ මුදියන්සේලාගේ රත්නායක ( 61 ) නමැති අයයි.
 
මෙම මරණය සම්බන්ධයෙන් මිය ගිය අයගේ බිරිද හා අසල්වැසි පුරුෂයෙකුව ප්‍රශ්න කිරිම පිණිස අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
 
මිය ගිය අයගේ බිරිද මේ වන විට 60 වන වියේ පසු වන අතර ඇය වසර කිහිපයක සිටය විදේශ රැකියාවක නිරතව සිටිය බවත් පසුව ගෙදර ආ පසු මෙම දෙදෙනා අතර විටින් විට ගැටුම් හා පවුල් අවුල් ඇතිවි ඇති බවත් ඊයේ ( 16 දා ) ද පෙරවරු කාලයේ සිට මෙම දෙදෙනා අතර බහින්බස් විමක් පැවැති බවත් මෙයට හේතුව සැමියා පැළ සිටුවිමකට යන්න කතා කළ නිසා බිරිද එය ප්‍රතික්ෂේප කිරිම නිසා බවත් පසුව රාත්‍රියේ දීද දෙදෙනා අතර බහින්බස් විමක් ඇතිවු බවත් එහිදි සැමියා බිරිදට පහර කිහිපයක් ගැසු අතර එහිදි මෙම ආරාවුල බේරිමට අසල්වැසි පිරිමියෙකු  පැමිණි බවත් එවිට සැමියා පොල්ලක් ගෙන ඔහුට ද පහර දි ඇති බවත් කියයි.

මෙහිදි මිය ගිය අයගේ බිරිය පොල්ලක් ගෙන සැමියාට පහරදුන් බවත් අසල්වැසියා ද ඉදලක් ගෙන පහර දුන් බවත් පහරකා බරපතල ලෙසින් තුවාල ලද සැමියා එම ස්ථානයේ දි මිය ගිය බවත් කියයි.

මෘත ශරීරය පශ්චාත් වෛද්‍ය පරික්ෂණය සදහා හලාවත රෝහලට ගෙන යාමට නියමිතව ඇත .

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.හේරත් මහතාගේ උපදෙසින් අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂඛ උපාලි අබේරත්න මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ සිදු කරති.



අදහස් (4)

අඹු සැමි ගැටුමකින් සැමියා මරුට

Samitha Senaka Aluthgamage. Sunday, 17 May 2020 04:12 AM

සිතෙනා ආකාරයට බිරිඳ මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කල අයෙකු වගෙයි. බිරිඳ පිටරට සිටිනා විට සැමියාට මොනතරම් චිත්තපීඩා ඇතිවෙලා ඇද්ද ? ඒ පීඩනයෙන් ඔහු සිටින්නට ඇති. පැල සිටුවන්න ආපු නැති නිසා තරහා යන්න ඇති. මැදපෙරදිග පෙරදිග විදිහට මෙහෙ ජීවත්වෙන්න බිරිඳ නොසිතුවා නම් මේ නස්පැත්තිය සිදුවෙන්නේ නැහැ. බේරන්න ආපු කෙනා රණ්ඩුවට පැටලුන නිසා ඔහුත් අමාරුවේ.... කෙසේ වෙතත්, අපගේ කාන්තාවන් මෙහෙකාරකමට යැවීමෙන් වැඩිපුරම සිදුවෙන්නේ දරුපවුල් විනාශවීම තමයි. මේ දුප්පත් මිනිසුන්ගේ දරිද්‍රතාවට නිසි විසදුම් දුනහොත් ඔවුන් මෙහෙකාරකමට පිටරට යන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්,... කෙසේ හෝ මුදල් උපයා රටට ගෙන්වා ගැනීමයි දේශපාලකයාට අවශ්‍ය. ඒකනේ ඒ අය උඩතියන්න ඔවුන්ට රටවිරුවා කියන්නේ....

:       0       68

පිටිගල මිලානෝ Sunday, 17 May 2020 04:14 AM

අසල්වැසියා කවුද?

:       0       1

විජේසිංහ Sunday, 17 May 2020 05:48 AM

මේවා දැක්කහම කසාද බඳින්නම තමයි හිතෙන්නේ.

:       0       0

Anton Austria Sunday, 17 May 2020 05:57 AM

ගෑනු රටවල් වල යවලා කරගත්තා නේ.... දැන් ඕක තමා කියන්නේ.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site