
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල පනීඅඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරොද රථයක් මතට දැවැන්ත අඹ ගසක් කඩා වැටිමේන් එම ත්‍රිරෝද රිය කුඩු පට්ටම් වී ඇතත් එහි රියදුරු ජිවිතය බේරාගැනීමට සමත් වී අත.
පනීඅඩිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ තිබු වසර 100 කට වැඩි දැවැන්ත අඹ ගසක් පවතින වැසි හේතුවෙන් මුල් බුරුල් වි එකවර ඇද වැටි ඇති බව පොලිසිය පවසයි.
අඹ ගස කඩා වැටෙන මොහොතේ ඒ අසලින් ගමන් කල ත්‍රි රෝද රථය පිටුපස කොටස ගසට යටවි ඇති බවත් ඒ සමගම ත්‍රි රෝද රථ රියදුරා ක්ෂණිකයෙන් ඉවතට පැන ජීවිතය බේරා ගෙන ඇති බව කියයි.
COMMENTS