(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.
පින්න මලේ සුද, නිල් නුවන් පෙඟෙන, ඉස්සර විදියට, රජ්ජුරුවෝ උඩයි උඩයි, කොපර කොපර පිපිඤ්ඤ ආදී ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කළ කංකානම්ගේ මහතා සිංහල භාෂා ගුරුවරයෙකි.
ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා හෙට (27) පෙරවරු 8.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අද පස්වරු 2.00 ට සිදුකෙරේ.
COMMENTS
සාහිත්‍යයේදී,කලාවේදී, කවියේදී,ගීතයේදී ආදී වශයෙන් සෑම අවස්ථාවේම භාෂාව නිර්මාණාත්මක අයුරින් යෙදීම සැමට කළ හැකි දෙයක් නොවේ.කවියට,ගීතයට,පුවත්පත් කලාවට,සිනමා නිර්මාණයන්ට,අදාළ සුවිශේෂී භාෂාමය හැකියාවක් හා ශෛලියක් ඇත.එය මෙසේ යැයි කියා ඉගැන්විය හැකි නොවේ.එය තමන්ගේම පරිකල්පන ශක්තිය හා නිර්මාණශීලී බව මත,ගොඩනැගෙන හා ගොඩනඟා ගතයුතු දෙයකි.ඒ ඒ ක්ෂේත්‍රයේ දක්ෂයන් මේ ගැන විශිෂ්ඨ දක්ෂතා ඇත්තන්ය.උසස් නිර්මාණ අප සිත් සතන් තුළ ඇත්තේ,අප ඒවා රසවින්දනය කරනුයේ ඒ නිසාය.කවිය හා ගීතය එකකුස උපන් නිවුන් සොයුරියන් වැනිය.ගීතයක් රචනා කිරීම නොහොත් ගේය පද රචනය ඉතා අසීරු නිර්මාණ කාර්යයක් වේ.මන්ද යත්,ගීතයක් යනු,ගේය පද රචකයා,ගායකයා හෝ ගායිකාව,සංගීතය හා තනු නිර්මාපකයා ආදීන් එකතුව ඒ සැම සුසංයෝග වී සිදුකලයුතු කර්තව්‍යයක් බැවිනි.ගේය පද රචකයා මේ අදාළ අනෙකුත් අංශ ගැන දැන,ඊට සරිලන සේ තම ගේය පද රචනාව නිර්මාණය කළ යුතුය.ගේය පද රචනාවක ඇති වටිනාකම ඔබහට මෙයින් යන්තම් හෝ වටහාදීමට වෙහෙසුනෙමි.මේ අප හැර දමා ගොස් සිටිනුයේ ඒ වැනි දුර්ලභ නිර්මාණ කරුවෙකි.එතුමාට නිවන් සුව පතමු ... !!!
ලාංකීය ගී කෙත පෝෂනය කල ඔබට සුබ ගමන්!
ඔබතුමාගේ දිවිගමන නිමාවූවා සේම, භව ගමනත් සුඛිත මුදිතව, සසර ගමනින් මිදී නිදහස් වේවා...!!!
මෙතුමා ලීලාරත්න කම්කානම්ගේ හා සැම්සන් කම්කානම්ගේ යන මහත්වරුන්ගේ සහෝදරයෙක්ද? කවුරු නමුත් එතුමාට නිවන්සුව පතමු.
ඔබතුමා තාම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරවය කරන අතර ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා... මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා... යි ඉත සිතින් පතමි...