ඉරාන - අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ඇතිවූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සඳහා මීට පෙර 750 ක සෙබළුන් පිරිසක් අනුයුක්ත කෙරිණි.
ඉරානයෙන් එල්ලවන තර්ජන හමුවේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පසුගිය වසරේ මැයි මාසයේ සිට අවස්ථා ගණනාවකදී අමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් මැදපෙරදිග යැවීමට කටයුතු කර ඇත.
එම සංඛ්‍යාව ආසන්න වශයෙන් 14000 ක් පමණ වෙයි.
අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්‍ර විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

-226
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හදන භාණ්ඩවලට වෙළඳ පලක් තියෙන්නත් එපායැ. නැතිනම් රැකියා අහිමිවීම් ඇතුළු ආර්ථිකයට වන්නාවූ බලපෑම් නිමක් නැත. අන්තර්ජාලය තුළින් දැකගත හැකි දෙයක් තමයි ලෝකයේ ආයුධ නිෂ්පාදනය කරන්නා වූ රටවල් අතර ඉහළින්ම ඉන්නා රටවල් හා යුද්ධයන් අතර සම්බන්ධතාවයන්...
ඉරාන් මිනිස්සු විශ්වාස කරන්නේ එක්කෙනයි.. ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි. පරමාණු බලය තියන නිසා ඉරාන් අවට තියන රටවලුත් අනතුරේ බෝම්බේ පිපිරෙව්වොත්...
එම්.සී.සී. අත්සන් කරන්න පෙර දහස් වරක් සිතා බැලිය යුත්තේ මේ නිසයි.
ඇමෙරිකාවේ ජනාධිපති සෑම දෙයම කරන්නේ එයාගේ වාසියටයි. මේ කළ වැඩෙන් මැරෙන්නේ අහිංසක රට වැසියන් පමණයි. ඔක්කොම ලොකු දේශපාලුවන් ඉන්නේ අධි ආරක්ෂාව යොදා ගෙනයි. ලංකාවේ දේශපාලුවන් වගෙ නොවෙයි. තවමත් මේ රට කොන්ග්‍රස් සබිකයන් ගමන් කරන්නෙ අපි ගමන් කරන ප්‍රවහන සේවාවලින් බව කියන්න ඕනේ.
ප්‍රජාතන්තවාදය, සහජීවනය, සමානාත්මතාවය වගේ වචන සේරම "ශක්තිය යුක්තිය වේ" කියන කැලේ නීතියට යටයි.
ඇමරිකාවේ ඡන්දයක් අත ලග. පාර්ලිමේන්තුවේත් ට්‍රම්ප් මේ ලගදී ඡන්ද විමසීමකදී පරාද වුනා. ඇමරිකාව බිහි කරපු අයි.එස්.අයි.එස් සංවිධානයට සිරියාවේදී පලු යන්න ගැහුවේ ඉරානය සහ රුසියාව එකතුවෙලා . අයි.එස්.අයි.එස් එක වහ කදුරු වුනු ප්‍රධාන මොළකරුව තමයි ඔය ඇමරිකාව මරල දාලා තියෙන්නේ. මොකද ඇමරිකන් සුරතලුන්ට ඕන විදිහට රටවල් විනාශ කරන්න බැරිවෙන නිසා. කිරල බැලුවම ඡන්දය අතරතුර තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න ඒ වගේම අයි.එස්.අයි.එස් හුරතල විනාශ වීම ගැන පළිගන්න ඇමරිකාව කරපු මහා කුජීතම වැඩක් තමයි ඔය.
ඉරානේ තරුණ තරුණියන්ට ආගමික නායකයෝ එපා වෙලා ඉන්නේ. කලින් කලට ඔවුන් නිදහස ඉල්ලා පාරට බහිනවා. ඉරානය කොහොමද ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්නේ ?