IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

 (එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ  නගර සභාවේ මාසික සභා රැස්වීම සතියකින් කල් දැමීමත් සමගම අද (2 ) පැවැත්වීමට නියමිතව තිබූ අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් විය.

උප සභාපති කමල් වැල්ලගේ මහතා තමා සහ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදිප් මහතා පී.සී.ආර්.පරීක්ෂණය සිදු කළා යයි කියමින් සභාපති පුටුවට ගොස් විනාඩි කිහිපයක් යන්නට මත්තෙන්  සභා රැස්වීම සතියකට කල් දමා සභා ගර්භයෙන් පිටත්ව ගියේය.

ඒ සමගම සභා ගර්ඹයෙන් පිටත්වීමට ගිය අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම් ඩබ්ලිව්.ඩි.රුචිනි ජීවන්තිකා රුද්‍රිගු  මහත්මියට පිටව යා නොදී ඇයව විනාඩි කිහිපයක්ම පක්ෂ,විපක්ෂ මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් සිය භාරයේ තබා ගත්හ.

‘අනේ මට කරන්න දෙයක් නැහැ.සභාව ගෙනියන්න අලුතින් මන්ත්‍රීවරයෙකු පත් කරන්න මට  බලයක් නැහැ,මටත් දැන් මේ සභාව එපා වෙලා තියෙන්නේ , අනේ මට යන්න දෙන්න  යයි කියමින් සිය දුක් ගැනවිල්ල තමාට යාමට නොදී සිරකර ගෙන සිටි නාගරික මන්ත්‍රීවරුන්ට ලේකම් රුචිනි මහත්මිය කීවාය.
ඒ සමගම සිය ග්‍රහනයට ගෙන සිටි ලේකම් තුමිය නිදහස් කර යැවීමට මන්ත්‍රීවරු ක්‍රියා කළහ.

ඒ සමගම සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාමට වැඩ බලන සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් පත් කල නාගරික මන්ත්‍රී ජේ.ඩබ්ලිව්.ජයන්ත මහතාව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි අතුල ප්‍රියන්ත මහතාගේ සහ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී රාහුල ලලිතවික්‍රම  මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන්  පත්කර ගත්හ.

සභා රැස්වීම මෙහෙයවීමට ජේ.ඩබ්ලිව්. ජයන්ත මහතා සභාපති පුටුවේ වාඩිවීමත් සමගම සභා ගර්භයේ විදුලිය විසන්ධිවීමද මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනුණි.ලේකම්තුමිය නොමැතිව සභා රැස්වීම කරගෙන යා නොහැකි යයි එහි සිටි මන්ත්‍රීවරුන් පිරිසක් පැවසීමත් සමගම එතෙක් වේලා රැදීසිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසිර ගියහ.

අම්බලන්ගොඩ නගර සභාවේ 2021 අය වැය සම්මත කිරීම සදහා චන්දයක් පැවැත්වීම වැලැක්විමට සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරු නව දෙනකු මෙසේ වෙට්ටු දමමින් හිතූ හිතූ මනාපයට සභාව කල් දමමින් සිටින බවත් තුන් වතාවක්ම ලංකාවේ හොදම නගර සභාව ලෙස තේරීපත්වූ සිය නගර සභාව දැන් රටටම විහිලු සපයන ස්ථානයවී ඇති බව අම්බලන්ගොඩ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දොලෙස්දෙනෙකු සභා ගර්භයෙන් විසිර යමින් පැවසූහ. 



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site