(නවරත්න සමරතුංග)
අම්පාර නාගරික ප්‍රදේශයේ පවතින කොරෝනා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා හෙට (11) දින සිට නාගරික ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල් වසා තැබීමට පියවර ගත් බව අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මේ අනුව ඩී.එස්.සේනානායක ජාතික පාසල බණ්ඩාරනායක ජාතික බාලිකා පාසල සහ සද්ධාතිස්ස පාසල කාවන්තිස්ස පාසල, මිහිදුපුර සහ කරංගාව යන පාසල් මෙසේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විමලසේන මද්දුම ආරච්චි මහතා අප කල විමසීමකදී ‘ලංකාදීප’ යට පැවසීය.
මෙම පාසල් නැවත විවෘත කිරීම සෞඛ්‍ය බල ධාරීන්ගේ තීරණය මත ඉදිරි දිනක සිදු කරන බවද අධ්‍යක්ෂ වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර නගර සීමාවෙ රෝගින් විශාල ලෙස වාර්තාවෙනවා දෛනිකව... පාසල් විවෘත කරන්න ලෑස්ති. දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් ඉන්නෙ නගර සීමාවේ.