(විනීතා එම් ගමගේ)
කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර ඇතැයි පැවැසේ.
සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ කාලය තුළ එකී වාහනය භාවිතා කිරීම වෙනුවෙන් වූ කුලී මුදල ලෙස අමාත්‍යංශය වෙත එවනු ලැබූ ඉන්වොයිසිය මේ වනවිට අමාත්‍යංශ්‍ය වෙත ලැබී ඇති අතර ඒ සඳහා ගෙවීම් මේ වනවිට සිදුකර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඇමතිවරුන්ට උපදෙස් දුන්නේ අමාත්‍යංශවලට කුලී පදනමින් වාහන ලබාගැනීම වෙනුවට රජයේ වාහන භාවිත කරන ලෙසය.

COMMENTS
වාහනේ රත්තරන් එකක්ද කොහේද? කොහොමත් රාජගිරියේ බඩුභාණ්ඩ මිල අධිකයි. මතකනේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන ගිය අර නිළියකගේ බිල්ඩිමේ කුලිය. මොනවද ඉතින් මේ ලොක්කන්ගේ හම්බකර ගැනීම් මිසක්... බිලක් දීලා. අවුරුදු 5යිනේ ඉන්නේ. ඒ කාලේදී ජීවිතේටම හම්බකරගෙන ගෙදර යනවා. මහජන මුදල්. පව්.., අහිංසක මිනිස්සු.
ඇමැති පාර්ලිමේන්තුවේ නිදි..!!!
මේ වගේ ජනතාවගේ ලේ බොන මාපිලුන් තලාදැමිය යුතුයි.
ජනතාව ලක්ෂ 69ක ඡන්දය දුන්නේ ඕවා දැනගෙන තමයි.
මොලේ නැද්ද බොල? මේ ජනතාවගේ සල්ලිනේ...
මේ අය හිතන් ඉන්නේ ඔහොම කැතවැඩ කරන්නේ ඒ අයගේ වාසනාව කියලා... ඔය එකෙකුට තව දෙතුන් දෙනෙක් හිටියොත් කොහොමට වේවිද? ජනාධිපතිතුමනි, අපි මේ ගැන ඔබතුමාගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේක වහාම නතර කරන්න.
කුලිය 425000, ඉන්ධන, රියදුරු වැටුප් ඇතුලු දේවල් එකතුවෙලා එනකොට ලක්ෂ 6ක් විතර වේවි. මේ ඔක්කෝටම ඉන්දියන් වාහන ගෙනත් දෙන්න. විශාල මුදලක් ඉතුරු වෙනවා. ලංකාවේ කම්කරුවෝ කොපමණ දුක්විඳිනවද?
ඔබලාට දැන් සැපද?
ජනතාවනි, බිය නොවන්න.. 20 සම්මත වූ ගමන් මේවා ඔක්කොම විසඳලා. මේ රට ලොව හොඳම රට කරනවා.
මොන ආණ්ඩුව ආවත් හැමදාම මේ ඔලුගෙඩි ටික කැබිනට් මණ්ඩලේ ඉන්නවා..එකම නිලධාරී සෙට් එක අමාත්‍යාංශ පමණක් මාරුකරගෙන ලේකම් තනතුරේ ඉන්නවා. හැමෝම එකතුවෙලා මහජන මුදල් නාස්තිකරනවා. සොරකම් කරනවා. ඒකට අලුත්ම විසඳුම විගණනය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දැමීම.. මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මේක අසාර්ථක රාජ්‍යයක්... මේකට සම්පූර්ණ වැරැදිකාරයෝ ඡන්ද දායකයෝයි. ඔවුන් හැමදා කතිරෙ ගහන්නේ එකම ඔලුගෙඩි සෙට් එකට..
මට උත්සව වලට ආරාධනා කරන්න එපා.
මේ ඉන්වොයිසිය හදපු විදිහ මට තේරෙන්නේ නැහැ.
ඇමති තුමිය සන්තෝෂෙන් නම් අපිට කමක් නැහැ.
දැන් සැපද.?
කතාව දෝලාවෙන් ගමන පයින් කියලා කතාවක් තියෙනවනේ.
කම්කරු අමාත්‍යාංශයට මෙහෙම කෙනෙක් රිංගවල තියෙන්නෙ කාගේ උවමනාවට ද? ආණ්ඩුවක් ඉක්මනින්ම ගෙදර යවන්න කාට හරි ඕන නම් කළයුතු හොඳම දේ කම්කරු අමාත්‍යාංශයට ඇමතියෙකුයි මෙහෙම ලේකම් කෙනෙකුයි පත් කිරීමයි. දැන් ඒ වැඩ දෙකම ඉතාම සාර්ථකව කර ගෙන තිබීම පිළිබඳව හැට නම ලක්ෂයක් අපගේ හද පිරි මෙව්ව එක.
මහජන මුදල් නේද මේවා හෙන ගහන අපරාද නේද මේවා.
මෙතුමා දැන් අවුරුදු විසි ගණනක් ඇමතිකම් දරා තිබෙනවා. මොකක්ද රටට කරලා තිබෙන සේවය.?
වෙලාවකට හිතෙනවා ජනාධිපතිතුමාට ම චක්‍රලේඛ නිකුත් කරන්න දීලා මේ හැත්ත ඔක්කොම ගෙදර යවන එක හොඳයි කියලා එතකොට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන්නේ.
ආණ්ඩුව අච්චු ගහන සල්ලි ආණ්ඩුවම ගෙවන එකේ මොකද්ද ප්රශ්නය?
දෙන්න ඕනෙ කරත්ත, ගොන්නු නැතුව, ඇදන් යන්න කියලා
මෙන්න ගසා කෑම් නාස්ති ඇතිවෙන තැන් වහාම නිවැරදි කලයුතුවේ
බිලේ වැරැද්දක් පේනවා. මාසික රේට් එක 125,000. ඒත් මාසෙක කුලිය 425,000. කොහොමද එහෙම වෙන්නේ? මේගොල්ලන්ට ත්‍රිරෝද රථ අරන් දුන්නා නම් ලාබයි.
වාහනයේ නියම අයිතිකරු කවුද.?
අම්මෝ... මහජන සේවකයෝ නේ... කොන්දේ අමාරු බෙල්ලේ අමාරු එහෙම හැදුනොත් මොන දෙයියන්ට කියන්නද ඉතින්.
ලෑන්ඩ් කෲශෙර් ප්‍රාඩෝ 2017 ඩීසල් ඉතින් ඒ වගේ ගානක් ගෙවන එක සාදාරනයී.
නිල රථය දීලා ඇති ගෙදර පාවිච්චියට.
කයිවාරු විතරයි. හොඳ කතා ඒත් බාල වැඩ.
මේ පාරත් ජනතාව පරද උනා වගේ. කනගාටුයි. ඊලග පාර හමුදා පාලනයක් ගේමු
මේක අසත්‍ය ඉන්වොයිසියක්...
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරුවන්ට තමතමාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට තිබුණු රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට ගෙනයාමට කටයුතු කරන්නේ... ඔය කියන නාස්තිකාර වියදම් කවර් කරන්න වෙන්න ඇතිනේද?
මේ ඉන්වොයිස් එක අවුල්.. එ්ක 125000, නමුත් එමවුන්ට් එක 425000... කොමිස් එක කීයද? ලක්ෂ 3ද? මේ වාහනයේ හිමිකරු කවුද? ඇමැති නිදිද?
ඉන්න රටක් තියනවානේ... මේක මොකක්ද.?
අමාත්‍යාංශ ලේකම් කෙනෙකුගේ අවම සුදුසුකම් පශ්චාත් උපාධියක් කරන ඊට පස්සේ ඔය ගැන දුන්නාට කමක් නැහැ... මොකද අමාත්‍යාංශයක් දුවන්න හොඳ ලේකම් කෙනෙක් ඕනේ.