IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි

(අජන්ත කුමාර අගලකඩ)

අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.

යම් අමාත්‍යාංශයකට වාහන වල අඩුවක් පවතින්නේ නම් ජනාධිපති කාර්යාලය සතු අතිරික්ත වාහන එම අමාත්‍යාංශවලට ලබාදීමට කටයුතු යොදවා ඇති බවද වාර්තා වේ.

රජයේ වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශවල වාහන,ගමන් බිමන් ,ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු අනවශ්‍ය සියලු වියදම් කපා හරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙරද  අමාත්‍යාංශවලින් හා ඒ යටතේ ඇති ආයතනවලින් ඉල්ලීමක් කර තිබිණි.

 

 



අදහස් (21)

අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි

yasapala nanayakkara Monday, 02 December 2019 03:14 PM

කෙට්ටු වූ රජයක් කරා යා යූතුය. දැනට ඇති සියලුම සම්පත් තව වසර පහකට ප්‍රමාණවත් වේ. හරියට සකසුරුවම් කළොත් මුළු වියදමින් 40% ඉතිරිකරගත හැකියි...

:       0       270

Ajantha Monday, 02 December 2019 03:14 PM

ඉතා හොඳ තීරණයක් ජනාධිපතිතුමනි...

:       0       219

යාපා Monday, 02 December 2019 03:46 PM

මේ රටට නව ජවයක් ලැබුණා ජනාධිපතිතුමනි...,

:       6       203

sandy Monday, 02 December 2019 04:00 PM

ඉතා හොඳ රටට හිතැති තීරණයක්.

:       0       37

Bamunuarachchi Monday, 02 December 2019 04:58 PM

හොඳ තීරණයක් සර් ! පර්මිට් දීමත් කාලෙකට නැවත්තුවොත් හොඳයි.

:       2       133

Perera Monday, 02 December 2019 07:27 PM

මාර්තු වලින් පස්සේ 2020 මාදිලියේ ඒවම ගන්න පුළුවන්නේ 2019 මාදිලි ගන්නේ නැතුව!!!

:       750       132

sandy Monday, 02 December 2019 08:06 PM

ඉතා හොඳ රටට හිතැති තීරණයක්.

:       0       30

Vijitha Tuesday, 03 December 2019 12:35 AM

හොඳ තීරණයක්. රජයේ ආයතන වලට අනවශ්‍ය ගොඩනැගිලි සහ වාහන සඳහා කොයි තරම් අපරාදේ මුදල් නාස්ති කරනවද ? ඒත් සමහර පොඩි පාසල් වල වැසිකිලි පහසුකම් ඇත්තෙම නැහැ. උගන්වන්න හරියට පන්ති කාමරයක් නැහැ. මේවා ගැන සොයා බැලිය යුතුයි

:       0       95

de silva Tuesday, 03 December 2019 01:03 AM

ස්තුති ජනපතිතුමනි, කරුණාකර නිකන් ඉඳන් කාලය කන රජයේ නිලධාරියෝ ගැනත් සොයලා බලන්න

:       0       62

sarath perth Tuesday, 03 December 2019 01:16 AM

රටක් දියුණු වන්නෙ නියම නායකත්වයක් ඇති විටකය

:       1       62

PereraTuesday, 03 December 2019 03:40 AM

තීරණේ හොඳද නැද්ද විජ්ජාවක්ද කියලා මාර්තු වලින් පස්සේ බලමු දැන්ම උඩ පනින්නේ නැතුව.

:       262       304

Yapa Tuesday, 03 December 2019 01:19 AM

පුදුමෙ කියන්නේ අර කෑගහන අයට මේ වගේ හොද තීරණ පේන්නෙ නෑනේ..

:       86       737

මුණසිංහ Tuesday, 03 December 2019 01:33 AM

මේ වන තෙක් ගත් පියවර ඉතා ප්‍රශංසනීයයි. මේ ගත් පියවර ඉදිරියටම ගෙන යමු. ඒ වගේම නගර සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ප්‍රතිසංස්තරණ සහ ඉදිකිරීම් ඉක්මන් කරමු. පසුගිය අවුරුදු 4ටම පාරවල් නඩත්තු කලේ නැහැ. ඒවායේ විපාක දැන් විදිනවා. නුවර, ගාල්ල වගේ නගරවල සංවර්ධනය ඇන හිටියා. ස්වීස් ගැටවලට අහුවෙන්න එපා, ඒවා විශ්වාස කරන්නත් එපා.

:       54       131

kasun Tuesday, 03 December 2019 07:17 AM

නිදියගෙන නැගිටලා වගේ.....

:       1       11

මුණසිංහWednesday, 04 December 2019 12:45 AM

හරියට හරි. ඔයත් ඇතුලුව පහුගිය අවු. 4ක් තිස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා රටේ ජනතාවම නිදියගෙන හිටියේ ඡන්දයක් තියනකම්.....දැන් තමා ජනතාව සක්‍රියව ඉන්නේ.

:       0       0

රවින් Tuesday, 03 December 2019 01:39 AM

රාජ්‍ය වාහන පිලිබඳ නිසි විගණනයක් ගත්තොත් තමා වඩාත් සුදුසු.

:       0       52

mahinda Tuesday, 03 December 2019 01:47 AM

වාහන විතරක් නොවේ ඇයි ගොඩනැගිලි ලී බඩු, පරිගණක, ෆැක්ස්, මෙකී නොකී දේවල්

:       0       55

ranjith Tuesday, 03 December 2019 02:29 AM

රජයේ ආයතන වල වාහන නඩත්තුවට අධික මුදලක් සමග වංචා තියෙනවා එම නිසා කුලී පදනම මත වාහන යෙදවීම ගැන හිතා බලන්න වෙනවා, සුකොබබෝගී වාහන අනවශ්‍ය යි.

:       0       30

ලුම්බිණි Tuesday, 03 December 2019 03:51 AM

අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කිරීම හොඳයි. නමුත් මීට වඩා දේවල් කල යුතුයි. සමහර දේශපාලකයෝ ඒ කාලේ රජයේ වාහන තමන්ගේ නෑදෑ පරපුරටත් බෙදාගෙන වැඩ කල හැටි මතකයි. ඒ දේශපාලකයෝ තවමත් අපුරුවට යහතින් ඉන්නවා. කිසිම දඬුවමක් නැහැ. මෙන්න මේවා තමයි නවතන්න ඕන.

:       0       24

chandima Tuesday, 03 December 2019 08:46 AM

හොද නායකත්වයක් ලැබිලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා හොද දේ හොද විදිහටත්, නරක දේ නරක විදිහටත් දකින්න පුළුවන් ජනතාවක්.

:       0       0

Bamunuarachchi Tuesday, 03 December 2019 01:03 PM

කරුණාකර කෘෂිකර්මාන්ත කාර්යාලයට ගෙවන අසාධාරණ කුලිය ගැන සොයා බලා එය අඩු කිරීමට කටයුතු කරන්න නැතිනම් එය මුදල් ගෙවා රජයට පවරා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28585 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11065 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site