IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


අපේ ධජය පාපිස්සකට ගැනීම ගැන පසු විපරමක්

 තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර  "ශ්‍රී ලංකා ෆ්ලැග් නන් -ස්ලිප් ඩෝ  මැට්" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව සුප්ක‍රට  "ඇමසෝන් . වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ පිළිබඳ පසු විපරමක් සිදු කරන්නැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇමෙරිකාවේ වොෂිංටන්  ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇතැයි විදේශ  අමාත්‍යංශය කියා සිටී. 
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන අදාළ වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, එහි චීන නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි එම අමාත්‍යංශය සදහන් කර සිටී.

අදාල නිෂ්පාදනය සම්බන්ධයෙන් එම අන්තර්ජාල වානිජ වෙබ් අඩවිය සිදු කර තිබූ ප්‍රචාරණය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වී තිබුණි.

ඊට අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පසුවිපරම් හා අදාළ පියවර ගන්නැයි අමෙරිකාවේ හා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇත 

 


 



අදහස් (17)

අපේ ධජය පාපිස්සකට ගැනීම ගැන පසු විපරමක්

Rasika Saturday, 13 March 2021 03:34 AM

හැම රටේම ජාතික කොඩි, පාපිසි විකුණන්න තියනවා. ඔවුන්ට ජාතික කොඩිය සංකේතයක් පමණයි, පූජනීය වස්තුවක් නොවේ. මෙය ලංකාවට එරෙහි කුමන්ත්‍රනයක්ද නොවේ. ලංකාවේ 90%ක් කොඩියට ගරු කරනවා, රටට කිසිම ආදරයක් නැහැ...

:       4       16

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 March 2021 04:13 AM

අපට නිල්, රතු, කොළ හෝ කවර වූ දේශපාලනයක වැදගත් කමක් නැත. එහෙත්, මේ දෙය වෙනත් රජයක් යටතේ සිදුවූවා නම්, විදේශ ඇමතිතුමා ඇතුළු පොහොට්ටුවේ දේශපාලකයන් මේ වනවිට ගිරිය පුප්පාගෙන මොරදෙන හැටි අපහට මැවී පෙනෙයි. එහෙත්, වරද සිදුවී ඇත්තේ තමන්ගේ රජය කාලයේ නිසා එතරම් කෑකෝ ගැසීමක් සිදු නොවේ. " කාලෙන් කාලෙට තාලෙන් තාලේ " කියන්නේ ඒ නිසා වෙන්න ඇති ...

:       2       12

සිරිබිරි Saturday, 13 March 2021 05:17 AM

ලංකා ධජය තිබුණු පාපිස්ස යට සීනි තිබිලා නේද?

:       5       12

Bamunuarachchi Saturday, 13 March 2021 05:26 AM

අපිත් ඇමරිකන් කොඩිය ටොයිලට් පේපර් වල ප්‍රින්ට් කරලා හෝටල්වලට බෙදමු. ඕවත් වැඩද මේ අපිට?

:       9       5

Rata Perata Saturday, 13 March 2021 08:29 AM

රාජපක්ෂලා කොහොමත් ලංකාව චීනේ පාපිස්සක් කරලා ඉවරයි. බයියන්ට ඕවා තේරෙනකොට පරක්කු වැඩියි.

:       4       19

chithral Saturday, 13 March 2021 09:29 AM

ලෝකයේ දියුණුම, බලවත්ම රටවල ජාතික කොඩි ඔය සපත්තු, සෙරෙප්පු පමණක් නොවෙයි ඇඳුම් වලත් තියෙනකොට, මේ ලෝකෙටම ණයවුණු, ගෝත්‍රික පාලකයින් රටපාලනය කරන, මෝඩයින් 69 ලක්ෂයක් සිටින මේ දූපතේ මන්ද බුද්ධික පිස්සන්ට පමණක් අවුල් ගිහිල්ලා. ඔය කියන ආයතන අපේ ආණ්ඩුවේ ඉල්ලීම් ගණන් ගන්නේ නැහැ.

:       5       25

Prabha Saturday, 13 March 2021 09:49 AM

රටම විනාශ කරලා කොඩියට විතරක් ගෞරව කරමු.

:       4       19

විපරමා Saturday, 13 March 2021 11:02 AM

නැව් ගිලපු හොරු, දූෂිත දේශපාලුවෝ ඉන්න රටේ කොඩියයි, පාපිස්සයි විතරයි දැකලා තියෙන්නේ...

:       2       16

විජිත් Saturday, 13 March 2021 11:06 AM

ඔය භාණ්ඩ විකුණන්න පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. නමුත් දූෂිත මැටි මෝල් දේශපාලු පාවාදෙන්නන් විසින් රටට කර ඇති විනාශය රටේ මහජනතාවට අවබෝධ වෙයි " කියන බිය නිසා මේ ගෝත්‍රික පාලකයිනුත්, ඔවුන්ගේ ඉඳුල් කන බත් බැලයිනුත් නිතරම "යමක්" සොයමින් ඉන්නේ... ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමුකරලා තමන්ගේ "නිරුවත" වසාගන්න. දූෂිත පාලකයින්ගේ, අදූරදර්ශී විදෙස් පිළිවෙත නිසා රටක් අහිමිවීගෙන යන ජාතියකට කොඩියක් මොනවටද...? අවසන් වරට අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය මනාව කළමනාකරණය කරගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක බව මම අදත් කියනවා. එදා ඇය අනාගතය හොඳින්ම දුටු "හොර චීනාව" අතේ දුරින් තබා ගත්තා. ඇයගෙන් පසු බලයට පත් රාජපක්ෂලාගේ නූගත්, බුද්ධි හීන ගතිගුණ හොඳින් හඳුනාගත් චීනා, ඒ මෝඩයින්ගේ නහය විදගත්තා. අද ඔය කරලියට ගෙනත් තියෙන සිංහ කොඩිය සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙත් ඒ චීනාම තමයි. මේ ළිං මැඩියන් කොයිතරම් කෑ ගැහුවත් ඔය කිසිම භාණ්ඩයක් අයින් කරගන්නේ නැහැ. අයින් කරන්නත් බැහැ. අපේ රටේ සිටින 69 ලක්ෂයක මෝඩයින් තවමත් හිතන්නේ ලෝකය තිබෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ කියලා. ඒ විදිහට හිතන්න පාලකයින් මෝඩ මිනිස්සුන්ගේ හිත් මෝහනය කරලා. අපේ අවාසනාව එයයි...

:       2       18

Aziz Saturday, 13 March 2021 11:24 AM

සුදුසු තැනටම වැටිලා වගේ...

:       4       10

siri Saturday, 13 March 2021 11:25 AM

මේ වගේ සමාගම් ලෝකයේ ප්‍රසිද්ධ රටවල කොඩි පමණක් නොවේ සුප්‍රකට ස්ථානවල ඡායාරූප වගේ දේවල් පවා යොදාගෙන මේ වගේ විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. වැසිකිලියේ භාවිතා කරන ඇතිරිලි, තුවා සහ ඇසුරුම් මේ අතරේ වඩාත්ම ජනප්‍රිය වෙළඳ භාණ්ඩ බවයි පෙනෙන්නේ. අපේ ජාතික කොඩිය යොදාගෙන මෙවැනි භාණ්ඩත් නිෂ්පාදනය කර තියෙනවා. මේවාට ඉල්ලුමක් ඇති. නැත්නම් ඒ මිනිස්සු මේවා හදන්න සල්ලි වියදම් කරන්නේ නැහැ. විවිධ මෝස්තරයේ "බුදුපිළිම" දැන් ලොව වටා සීඝ්‍රයෙන් විකිනෙන වෙළඳ භාණ්ඩයක් වෙලා. මේවා සමහර දෙනා මිලදී ගන්නේ සැරසිලි භාණ්ඩ ලෙසටයි. බුදුදහම ගැන දැනුමක් ඇතුව නොවේ...

:       2       6

බද්රානි Saturday, 13 March 2021 01:40 PM

ඔබ නිවැරදියි විජිත් මහත්මයා, රටේ ජනතාව ලෝකයා ඉදිරියේ අවමානයට ලක්වී ඇති මොහොතක ජාතික කොඩියකට මොන අභිමානයක්ද? මම නම් මේ අන්තර්ජාලයේ හොයමින් ඉන්නේ ඒ වර්ගයේ "ටොයිලට් පේපර්" චීන්නු විසින් වෙළඳ පොලට නිකුත් කර ඇතිද කියලයි? රටේ ජාතියට ගරු නොකරන පාලකයින් සිටින, රටක් හෝ කොඩියක් අපට අවශ්‍ය නැහැ. මේ රට වැදගත් ජාතියකට හිමිවිය යුතුමයි. අන්න එදාට සියලුම ජනවර්ග වලට එකිනෙකාට ගරු කරමින් මේ භුමියේ ජීවත් විය හැක. කාට තිත්ත වුණත්, ඇත්ත ඒකයි.

:       3       10

විජිත් Saturday, 13 March 2021 02:36 PM

ස්තුතියි බද්රානි මහත්මිය. මගේ හිතේ ව්‍යාපාරික අදහසක් තියෙනවා ටොයිලට් පේපර් නිෂ්පාදනය කරන්න... අපේ රටේ දේශපාලුවන්ගේ ෆොටෝස් දමලා. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන රටවල ඒවාට හොඳ ඉල්ලුමක් තියේවි. ලංකාවට හොඳ විදේශ විනිමයකුත් ලැබේවි...!!!

:       1       11

කපුරුහාමිSaturday, 13 March 2021 09:22 PM

ඒක නම් හොඳයි..

:       0       0

කමල් Saturday, 13 March 2021 03:35 PM

සීනි ප්‍රශ්නය යටගහන්න නේද මේ උප්පරවැට්ටිය දාන්නේ?

:       3       6

Perera Saturday, 13 March 2021 10:27 PM

රටේ නායකයෝ රටේ මිනිසුන්ව ඒ තත්ත්වයට දාලා තියෙද්දි තව මොනවද

:       0       0

සෙනෙවිරත්න Sunday, 14 March 2021 06:14 AM

ජාතික ගීය දෙමළෙන් කීම තරම් අවමානයක් මේකෙන් වෙලා නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්කරල් 53,000ක් මන්නාරමෙන් අල්ලයි
2024 පෙබරවාරි මස 29 16 0

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


අපේ කුළු බඩු ලෝකෙට ගෙනයන්න එක්සත් ජාතීන්ගේ සහය
2024 පෙබරවාරි මස 29 48 0

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන


උතුරු කොරියාවේ අවිවලට රුසියාවෙන් ආහාර
2024 පෙබරවාරි මස 29 90 0

රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.


ජෝ බයිඩන් මෙඩිකල් පාස්
2024 පෙබරවාරි මස 29 83 0

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධි


බැසිල් ඉක්මනට එනවා
2024 පෙබරවාරි මස 29 259 0

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
2024 පෙබරවාරි මස 29 551 0

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 395 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 340 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site