
(යොහාන් භාසුර)
ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නයට රජය මේ අවස්ථාවේදී දියහැකි උපරිම විසඳුම දී ඇති බවත් රට ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති මේ අවස්ථාවේදී මීට වඩා දෙයක් කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
රජය අතිශයින් අසීරු තත්වය තුළ වුවද උපරිම සහනය ලබා දුන් බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊට වඩා දෙන්න කැමති වුවද අද පවතින තත්වය තුළ මින් එහා යා නොහැකි බව සියලු දෙනාම දන්නා බවත් සඳහන් කළේය.
අදියර කීපයකින් ලබාදිය හැකි උපරිම විසඳුම මේ වන විට ලබාදී ඇති බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරත් පැවසීය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
COMMENTS
බොරු කියන්න එපා මහාචාර්යතුමා. ඔයා අධ්‍යාපනයට කරපු දෙයක් නැහැ. ඔයාගේ කාලේ අධ්‍යාපනය කෑවා...
අනේද කියන්නේ...? අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
කරලා තියෙන දේවල් වල ප්‍රතිපල ගැන නම් මොකට කියනවද. මහාචාර්යතුමා මොලේ උඩ ඉඳගෙන වෙන්ඩැ ඉන්නේ ?
අපි තමයි කොළේ 1/9 දීමද හපන්කම?