(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරන ලදි. මේ සඳහා ‘කනෙක්ටඩ් ඩීම්ස්’ ආයතනයේ දායකත්වයෙන් විදේශිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
රට විවෘත කිරීමෙන් පසු ගාල්ල කොටුව නැරඹීමට පැමිණි පිරිස් පොලිතීන් ඇතුළු කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් කොටු බැම්ම ආශ්‍රිත ප්‍රදේශය විශාල වශයෙන් අපිරිසිදු වී ඇති බව ගාලු උරුමය පදනම පවසයි.
ලෝක උරුමයක් වන ගාලු කොටුව පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් වන බැවින් කසල තැන තැන නොදමා ආපසු රැගෙන යාම හෝ විධිමත් ලෙස බැහැර කිරීම සිදු කරන ලෙස ගාලු උරුමය පදනම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අපේ කුණු එතෙරින් ඇවිත් ඉවත් කරයි
kamal Thursday, 02 December 2021 01:18 PM
කොහොමද අපේ 2500 යේ අභිමානේ.පිටරට සුද්දෝ ලවා කුණු සුද්ද කර ගන්නවා.සසර වසන තුරු ...නිවන් දකින තුරු.....
Bunny Preena Thursday, 02 December 2021 02:00 PM
කිසිම චාරයක් නැතිව හැසිරෙන අපේ එවුන් කිහිප දෙනෙක් ඉන්නවා ගිය තැන වනසලා එන.ඔවුන්ව හදන්නත් බැහැ ,සම්මජ්ජාතියට හැදෙන්නෙත් නැහැ.අනේද කියන්නේ.උපන් ගතිය
දිසා.......ගම්පහ Thursday, 02 December 2021 02:08 PM
මෙරට ජීවත්වන අති බහුතරය පවිත්‍රතාවය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන තත්ත්වයක් පවතී. සෑම තැනකම කෙළ, බුලත් කෙළ ගසන ආකාරයක් දක්නට ඇති අතර මේ නිසා ඇත්තේ දැඩි අපිරිසිදු තත්ත්වයක් වුවත් මීට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් ඇති ආකාරයක් පෙනෙන්නට නැත. පරිසර අධිකාරිය , පොලිස් පරිසර අංශය සහ පළාත් පාලන ආයතන හරහා මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පිනිස අවදිවීමක් විය යුතුය.
ලීලාරත්න ඉහලගමFriday, 03 December 2021 05:57 AM
මහත්මා ගාන්ධිතුමා සුද්දා එලවන්න මාර්ග දෙපස මළපහ කරන්න කිව්වා.. එය තවමත් තියෙනවා... සංචාරක ඇමතිවරයා ගම්පහ කෙනෙක් වෙලා ගම්පහ අපිරිසිදු කරන්න ඉඩදී මොකක්ද කරන්න හදන්නේ... ?
දිසා....ගම්පහ. Thursday, 02 December 2021 02:33 PM
වර්තමානයේ මෙරට ජීවත්වන වැඩි දෙනා පිරිසිදුකම සම්බන්ධයෙන් තැකීමක් නොකරන තත්ත්වයක් පවතින බැවින් තැනින් තැන කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම මෙන්ම පවිත්‍රත්වය සම්බන්ධයෙන් වත්මන් පාසල් දරුවන් දැනුවත් කිරීමක් විය යුතු අතර මේ තුලින් අනාගත ශ්‍රී ලංකාව පිරිසිදු රටක් ලෙස දැකිය හැකි වනු ඇත.
අප්පුහාමි Thursday, 02 December 2021 03:21 PM
මෙම ශ්‍රමදාන කටයුතු සදහා සහභාගි වෙන සියලු දෙනාම කුඩා කාලයේ හොද විනයක් ඇතිව උගත්කම ලබා ඇත අපේ පාසැලේදී දහම් පාසැලේදී කිසිවකු පිරිසිදු කිරීම් ගැන කියන්නේවත් කරවන්නේ වත් නැහැ කරන්නෙ විභාගය ඉලක්ක කල අධ්‍යාපනයට හුරුකිරීම පමණි .අපේ රටේ පරිසරය ගැන සලකන්නේ සුලුහෝ ව්‍යාපෘතියක් අරඹන අවස්තාවල මොණරු පියාඹන අවස්ථාව දක්වා පමණි විදේශිකයන් මෙහෙම කලාම අපේ තියෙනවා කියන අභිමානයට මොකෑ වෙන්නෙ එහෙම කියන ගමන් අහන්න වෙනවා සංචාරකයින්ගෙන් ගාස්තුවක් අයකරන පළාත් පාලන ආයතන සංචාරකයන් වෙනුවෙන් කරන්නෙ මොනවාද කියලා පසුගිය දිනක වාර්තාවක් තිබුනා ආරුක්කු නවය පාලම බැලීමට යන මාර්ගයේ කෙසේවත් යන්න බැහැ කියලා මේවාට පරිසර ඇමතිවරයාත් විශේෂයෙන් සංචාරක ඇමතිවරයාත් වගකිවයුතුය
ලීලාරත්න ඉහලගමFriday, 03 December 2021 06:02 AM
යහපාලනය කාලයේ සුව ඇමති රාජිත විටකෑම ප්‍රසිද්ධ ස්ථානයේ තහනම් කළා. ප්‍රසන්න ඔහුට විරුද්ධව සිටි අයෙක් නිසා ඒ කාලේ කියපුවා මිනිස්සු කරනවා ඇති...
මෝ Thursday, 02 December 2021 02:55 PM
මුලු රටම ආයෙත් සුද්දන්ට,බාර දුන්නනං හොදටම කරයි ජනාධිපතිට,මතකද,දන්නෙ නෑ අපේ කොල්ලො කෙල්ලො පාරට,බැහැල පාරවල් සුද්ද,කලා,තාප්ප වල චිත්‍ර ඇන්දා ගස් වැව්වා වෙරල,සුද්ද කලා.ස්ටේශන් සුද්ද කලා.ඒ දිහා ඇහැක් ඇරල බැලුවෙ නැ
Prasad Thursday, 02 December 2021 03:25 PM
සුද්දට රට දුන්නා නමි ලස්සනට රට හදලා ගන්නවා
larry Friday, 03 December 2021 01:03 AM
බොරු ෂෝ...!
Kumar (Gulf) Friday, 03 December 2021 01:13 AM
ශ්‍රී ලංකාවේ ඉන්නේ නීතියක් නැති මෝඩ ජනතාවක්...
priyantha Friday, 03 December 2021 05:02 AM
එය අගය කරනවා... නමුත් රැල්ලට කරන වැඩ තාවකාලිකයි. අපේ රට, පරිසරය පිරිසිදුව තබාගැනීම කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ... පාසල එයට හොඳම තැනයි... එතකොට ටොපි එක කාලා කොළය සාක්කුවේ දමාගෙන ගිහින් කසල බඳුනට දමනවා. ඇත්තටම මේ වගේ දේවල් වලින් දෙන පණිවිඩය ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ... අපේ රටේ මිනිස්සු දේශ පාලකයාට බැන බැන තමන් හරි කියලා හිතාගෙන ඉන්නවා...
රමිඳුSaturday, 04 December 2021 12:11 PM
රැල්ලට නෙවෙයි, කොහොමත් ඒ මිනිස්සු කරලා තියෙන්නේ...
Ranuka Friday, 03 December 2021 07:08 AM
ඩිස්ලයික් දාලා තියෙන්නේ කුණු දාපු සෙට් එක...
Daminda Friday, 03 December 2021 07:53 AM
ජාතියක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕනෑ... පරිසරයට කිසිම ආදරයක් නෑ... හැමතැනම කුණු දානවා...