IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අ’පුරේ 263කට ඩෙංගු : දෙදෙනෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි ඇති බවත් මින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද(17) පැවසිය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදි වෛද්‍ය සෝමතිලක මහතා මේ බව පැවසිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙසේද පැවසිය.

"ඩෙංගු රෝගයෙන් මිය ගිය දෙදෙනා තලාව ප්‍රදේශයේ පදිංචි කරැවන් දෙදෙනෙක්.මින් එක් අයෙක් 16 හැවිරිදි පාසල් සිසුවෙක්.අනෙක් පුද්ගලයා 39 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
ජනවාරියේ සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි තිබෙනවා.ඩෙංගු රෝගය ව්‍යාප්ත වුනේ අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයෙන්.

අනුරාධපුර නව නගරය,බැංකු පෙදෙසින් ඩෙංගු කීටයන් බහුලව පැතිර තිබෙනවා.ඒ වාගේම දිවයිනේ ඩෙංගු රෝගින් බහුලව ඉන්න ස්ථනය ලෙසට අනුරාධපුර නගර සභා බල ප්‍රදේශය දසවන ස්ථානය ලබා තිබෙනවා.

කොරෝනා රෝගය නිසා ඇදිරි නීතිය පැනවිමේ හේතුවෙන් අනුරාධපුර නව නගරයේ ආපන ශාලා වසා දමන අවස්ථාවේදි ඒවා තුල ජල බදුන් පුරවා කඩ වසා දැමිම නිසා ඩෙංගු කීටයන් බහුලව පැතිර යාම මිට තවත් එක් හේතුවක් වුනා.
අනුරාධපුර නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන් ගෙන් ඩෙංගු මර්දනය සදහා කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ.නගරයේ තිබෙන ආපන ශාලා සහ වෙළද ස්ථාන පරික්ෂා කරන අවස්ථාවේදි ඔවුන් ඊට බාධා කරනවා.මේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා දැණුම් දි තිබෙනවා. ඉදිරි වැසි සමයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ඉහල යාමේ අවදානමක් තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රීක්කය තුළ කොවිඩ්-19 වසංගතය පාලනය කර ඇති බවත් දැනට සිටින සියළු ආසාධිතයින් සහ ඔවුනගේ පවුල් වල අය නීරෝධායනය කර තිබෙනවා"

මෙහිදි අඩුපාඩු සහ අනෙකුත් අවශ්‍යතා පිළිබදව පළාත් පාලන ආයතන නියෝජිතයන් ආණ්ඩුකාරවරයා දැනුවත් කලහ.

අදාල පළාත් පාලන ආයතන සදහා ඇති විශේශිත ගැටළුවක් ලෙස සේවක පුරප්පාඩු බලපාන බවත් එම නිසා දෛනික කටයුතු සිදු කිරිමේදී ගැටළු සහගත තත්වයන්ට පත්වන බැවින් ඒ සදහා කඩිනමින් ඉදිරියේදී විසදිම සදහා තමන් පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා මෙහිදි පළාත් පාලන නියෝජිතයන්ට පොරොන්දු විය.



අදහස් (2)

අ’පුරේ 263කට ඩෙංගු : දෙදෙනෙක් මරුට

පිටිගල මිලානෝ Sunday, 17 May 2020 06:22 AM

මෙපමණ කලක් සෞඛ්‍ය අංශ වලට නැති කරන්න බැරිවූ ඩෙංගු ත්‍රස්තයාවත් නැති කරන්න හමුදාවට බාර දෙන්න. ඔවුන් ලස්සනට වැඩේ කරලා පෙන්වයි.

:       0       1

banda Sunday, 17 May 2020 09:02 AM

කවුරුත් කොවිඩ් ගැන කතා කරාට ඩෙංගු ගැන කතා කරන්නේ නෑ. කොරෝනා වලට වඩා වැඩි පිරිසක් ඩෙංගු වලින් මැරෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site