(විමුක්ති එස් රුද්‍රිගු)

කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍ය  පීඨය, අධිකරණ වෛද්‍ය අංශය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පැවැත්වූ අපරාධ විමර්ශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ ප්‍රදානෝත්සවය අද (01) රාගම වෛද්‍ය  පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී ඒම පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසුන් 41  ෙදනක් උසස් ඩිප්ලෝමාධාරීන් ලෙසත්, 5 දෙනෙක් ඩිප්ෙලා්මාධාරීන් ලෙසත් සිසුන් දෙදෙනෙක් කුසලතා සමාර්ථ සහිත උසස් ඩිප්ලෝමාධාරීන් ලෙසත් සන්නස් සහ සහතික පත්‍ර හිමිකර ගත්හ.

මෙම අවස්ථාවට පාඨමාලා සම්බන්ධිකාරක විනෙතෘ මහාචාර්ය අනුරුද්ධි එදරිසිංහ , වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකි හේවාවිසෙන්ති , පොලිස්පති සී.ඩී වික්‍රමරත්න , පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති  චන්ද්‍රා ප්‍රනාන්දු,  මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් , ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂක සජීව මැදවත්ත , ප්‍රධාන පරිපාලන නිලධාරී මංජුල මහගිරිල්ල  යන මහත්ම මහත්මීහු ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.