(ඩයනා උදයංගනී)
අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා විදේශ රටවල මෙන් නවීන තාක්ෂණ විධි ක්‍රම භාවිතය පිළිබඳ සොයා බලන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලීසියේ ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
දැනට පවතින ඇතැම් නීති පද්ධති වර්තමාන සමාජයට නොගැළපීම හේතුවෙන් අපරාධකරුවන් නීතියේ ඇති හිඩැස් වලින් රිංගා සමාජ විරෝධී ක්‍රියාවල නිරතවන බව වාර්තා වන බව අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ පොලිස් නිලධාරීන් සමඟ අද (30) පැවති රැස්වීමකදීය.
නවීන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කිරීම තුළ අපරාධ මැඩලීම කාර්යක්ෂමව කඩිනමින් සිදුකළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
නවීන උපකරණ මෙන්ම අන්තර්ජාලය, ජී.පී.ආර්.එස් (GPRS) වැනි නවීන තාක්ෂණික උපාංග කෙරෙහි එහිදී අවධානය යොමු කළ හැකි බව ද ඇමතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
COMMENTS
වීරසේකර මහත්තයා කොයි පැත්තක හරි දේශපාලන මඩ ගොහොරුවක එරෙන්නේ නැතිව සිටියා නම්, මොනතරම් අගනේද..? දැන් ඒවා කල්පනා කරන්න ඕනෑ කාලය නෙමෙයි. කොයි දේශපාලන පක්ෂේත් නායක කාරකාදීන්ට ගැතිවී සිටින න්‍යාය අනුගමනය කළ යුතුමයි. එසේ නැතහොත් ඉතින්, දෙවියන්ගේම පිහිට තමයි. ඒක නෙමෙයි.. මේ කරන්න යන වැඩේ නම් හොඳයි.. ඒත්, ඒක අත්හදා බලන්න තියෙන හොඳම තැන පාර්ලිමේන්තුව කියලයි අපට හිතෙන්නේ. ඒක පිරිසිදු නොකොට වෙන මොනවා කළත් රට හරියන්නේ නැහැ. එතකොට නවීන තාක්ෂණයට හා ඔබතුමාට ස්තුති වෙන්න අයියලාගේ සැබෑ තත්වය අපට බලාගන්න පුළුවන්.. එහෙම වෙනවා නම්, අම්මපා ඒක මොනතරම් අපූරු වැඩක් වේවිද?
ඕක කරන්න පුළුවන් දෙයක්... හැබැයි අර තොරතුරු තාක්ෂණ ආයතනය කියන තැනට ඕක බාර දුන්නොත් නම් හදලා දෙන මෙවලමෙන් මීට වැඩිය හොරුන්ට හොඳට රිංගන්න පුළුවන්...
රටේ සියලුදෙනාගේම ඇඟිලි සලකුණු ලියාපදිංචි කර තබනවා නම් ගොඩක් වැරදි වලට වරදකරුවන් සොයාගත හැකියි...
එළ එළ... මොනවා හරි කට්ටල ටිකක් ගෙන්නවලා කොමිස් කුට්ටියකට මග පෑදෙනවා නම් ඒ ඇති. රටෙ වැඩිම අපරාධකාරයෝ ඉන්නේ කොහේද කියලා නොදන්නේ කවුද?