(ජයන්ත සමරකෝන්)
“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට අද(01) පැවැසීය.
සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.
මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.
හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.
COMMENTS
ඔන්න යහපාලන ආණ්ඩුවේ කරපු දේවල්... රාජිතගේ වගේම ඔක්කොම හොරුන්ගේ වැඩ එළිකරලා...
දෙගොල්ලොම වැරදි. මෙහෙම මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. මෙතුමා ස්ථාන මාරු කිරීමක් කරයි කියලා කට වහන් ඉඳල වගේ කලින් ඉඳන්. ඇමතිට සහ දොස්තරට නඩු දැමිය යුතුයි.
"පිටතින් මිලදී ගන්න"? අන්තිම මොහත වෙනකල් ඕඩර් නොකර ඉඳලා අන්තිම මොහොතේ පිටතින් වැඩිමිලට අරගෙන කොමිස් කන පරණ ගේමට නොවෙයි වෙන්න ඇති...
හැම බල පෙරලියක් සමඟම සමහර නිලධාරීන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවා. පැනීමට පෙර හැසිරෙන දේශපාලඥයන් මෙන් ටයි පොලු පාට වෙනස් කරනා මෙවන් නිලධාරීන්ගෙන් පරෙස්සම් වීමට බලයට පත් දේශපාලන අධිකාරිය සමත් විය යුතුයි...
රාජිත ඔයා...
ඇත්ත බොරුව ඔබම දනී. නොදන්නා දේට වැඩි අදහස් ලියන්න හොඳ නැත.
අනේ බොස් නිකන් පච නොකියා ඉන්න. ඔය අමාත්‍යාංශයේ සැපයුම් අංශයක් තියෙනවා නේද? රාජ්‍ය නිලධාරීන් ලෙස තමන්ගේ සේවය ඒ කාලේම කරා නම් ඒකයි වටින්නේ. දැන් නිකන් බොරු ටෝක් දෙන්නැතුව...
සර් නිතර නිතර චුට්ට චුට්ට බෙහෙත් ගන්න ගියාම ලොකු වියදමක් යන එක ඔබතුමාට තේරෙන්නේ නැත්ද? එහෙම නැතිනම් කොමිස් කුට්ටිය නිසා නොතේරෙනවා වගේ ඉන්නවාද?
දේශපාලන ගේම්... කොහොම වුණත් පිටින් ඖෂධ ගන්න රෝහල්වල අය කැමතියි. කොමිස් හලෝ කොමිස්...!!!
ඔබතුමාලා රාජිතව එලවාගන්න හැදුවේ ඕකටනේ - එකපාරට ඕඩර් කරලා ගන්නකොට බෙහෙත් තියෙනවා කොමිස් නැහැ. ටික ටික පිටින් ගන්නකොට බෙහෙත් කෙසේවෙතත් කොමිස් තියෙනවා. ඒ.එල්. වලට ඒ3 නැති වුණාට මේ රටේ ඉන්න ඔක්කොම හරක් නෙවෙයි සර්...
ඔය වගේ දේශපාලකයන්ට අාපහු පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් එන්න දෙන්න එපා...
මමත් පොඩිකාලේ ටික ටික බඩු ගේන්න කඩේ යන්න හරි කැමතියි. යනයන සැරේට අම්මගෙන් ගාණක් ගන්නවා සීනි බෝල කන්න. දොස්තරලා වුණත් පැණිරස දේවල් වලට කැමැතියිනේ...
කෝ U.N.P. සහ දෙමළ කට්ටිය? මේවට මොනවා හරි ලියපල්ලකෝ....
කොන්දක් නැති පරිපාලන නිලධාරීන් රටකට සාපයක්. පොඩි මිනිහට පුප්පන්න නම් පුළුවන්..
පිටින් බේත් ගේන්න ගහපු ගේම් එකක්. දැන් හරි වගේ බේත් ගැන දන්න මිනිහා.. නිසා කළමණාකරණය කරලා බේත් ලබා දුන්නා.. දැන් නටවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ..
මම අපේක්ෂා රෝහලට බෙහෙත් ගන්න යන්නේ... මේ කෙනා හදන්නේ කොමිස් ගහන්න. රාජිත ඇමතිවරයා කටයුතු කරපු ආකාරය නිවැරදියි..
රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතාණෙනි, පාරේ ගැහැණු වගේ හැසිරෙන්න එපා. අරයා කිව්වා, මෙයා කිව්වා, මොනවද මේ? ඉගෙන ගත්ත කෙනෙක් කියන කතාද?
අපේක්ෂා රෝහලේ ඉන්න දොස්තරලා නම් මාර හොරුන් ගොඩක්... මේ ළඟදී මගේ මල්ලිගේ ගෙදර වත්තේ වැඩ කරන මනුස්සයට පිළිකා හැදිලා වෙදකම් වලට රෝහලට ගෙනිච්චම එතන බෙහෙත් ලියපු දොස්තර නෝනා කියලා මෙතන තියන බෙහෙත් වල ප්‍රමිතියක් නැහැ. ඒකනිසා බෙහෙතක් ලියා දීලා කියලා තියනවා. මේක පිටින් අරන් එන්න කියලා. මල්ලි එතන වැඩ කරන ෆාමසිස්ට්ගෙන් අහලා තියනවා මෙතන තියන බෙහෙතේ ප්‍රමතිය ගැන. එයා කියලා ඒ බෙහෙත සහ ලියාදීපු බෙහෙතයි දෙකේම ප්‍රමිතිය එකයි. ඔන්න බලන්න මේ අයගේ වැඩ. මේක වුනේ මැතිවරණ දවස්වලයි.
බොහොම කණගාටුයි. මෙතන අදහස් දාන හුඟදෙනෙක් මෙතුමා කව්ද කියලාවත් නොදැන අදහස් පළකිරීම ගැන. බොහොම දක්ෂ, අවංක රෝහලේ අධ්‍යක්ෂකවරයෙක් විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියන්නේ...
බෙහෙත් නැති වුණාම ඕඩර් කරන්නේ නැතුව ඇමතිට කිය කියා ඉන්න නම් මේ අය මොකටද? සාමාන්‍ය පෙළ පාස් ළමයෙක් දැම්මා නම් හරි, පොඩි පඩියකට? මිනිස්සු හොඳටම කෙරුවාව දන්නා අන්දන්න හදන්නේ මොකටද කියලා හොඳටම තේරෙනවා.
දැන් දොඩවනවා... ආත්ම ගෞරවයක් තියනවද? ඒක නැත්තම් මේක...
රාජිත හැම ආණ්ඩුවකටම එකතුවෙලා එයාගේ මඩිය තර කරගත්ත එක තමයි කළේ..
යහපාලනය දෝරෙ ගලනවෝ...
ලංකාවේ දොස්තර මෆියාවත් එක්ක ගැටෙන්නට පුලුවන් කොන්දක් ඇති එක මිනිහෙක් තමයි රාජිත සේනාරත්න. මොහු නැවතත් සෞඛ්‍ය ඇමැතිවරයා කළ යුතුයි.
අනේ මෙහෙමත් දොස්තරලා. දොස්තරලද නැත්තම් කොන්දොස්තරලාද කියලා සැකයි. කාලෙන් කාලෙට එන ඇමතියාව බබා කරගෙන මඩිය තරකරගන්න හදනවා. මෙච්චර කල් කට වහන් ඉඳලා දැන් කියනවා රාජිත නරකයි, පවිත්‍රා හොඳයි කියලා. ලබන සතියේ ආණ්ඩුව පෙරලිලා ආයෙත් රාජිත ආවොත් කියයි දැන් පවිත්‍රා නරකයි, රාජිත හොඳයි කියලා.
රාජිත මම නිදොස් කොට නිදහස් කරන ලද කෙනෙක් නොවේ. ඔහුගේ වරදක් ඇතොත් ඊට නිසි පියවර ගත යුතුයි. රාජිතට බලය තිබෙන කාලෙත් මේ දොස්තරලා බැනර් ගැහැව්වා රජයේ ඉස්පිරිතාල ඉදිරිපිට රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියලා. රජයේ වෛද්‍ය සංගමය රාජිත සමග නිරතුරුව ගැටුණා. රාජිත හෘද රෝගීන්ට ස්ටෙන්ට් ඇසේ සුද ඉවත් කරන ලද රෝගීන්ට කාච පිළිකා රෝගීන්ට සියලුම බෙහෙත් වර්ග නොමිලේ ලබා දෙන්නට පටන්ගත් පසු රජයේ දොස්තරලා ඔහු සමග වෛර බැන්ද බවයි අපිට අසන්නට ලැබුණේ. අද පළවැනිද දොස්තරලාට අද සෞඛ්‍ය ඇමති හෝ ඊට ඉහළ නිලධාරියෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියාලා බැනර් ගහන්න...
අසරණ පිළිකා රෝගීන්ගේ යහපත වෙනුවෙන්ම පෙනී සිටි සොක්‍රටීස්ගේ සැබෑ ශ්‍රාවකයෙකු නම් ඔහුට කාගේවත් බලපෑම් ඉදිරියේ නිශ්ශබ්දව සිටිය නොහැකිය. අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟකම රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් වූවානම් ඔහුට කිසිඳු බලයක්, බලපෑමක් ඉදිරියේ නිහඬව සිටිය නොහැක. එම නිසා මේ කතාව පිළිගත නොහැකියි. ඒ මක්නිසාදයත් මේ වෛද්‍යවරයා තම වගකීම් බිය නිසා පැහැර හැර ඇති නිසයි.
බයියොනේ ඉතිං...
දැන්ද ඔය කට ඇරුණේ... කොන්දක් තියනවද බලන්න..?
මේ කව්රුත් පක්ෂග්‍රාහී බව නම් කැපිලා පේනවා.
මේ දොස්තර බබෙක්ද? සේරම එකවල්ලේ පොල්...
වසන්ත දිසානායක කියන්නෙ මාධ්‍ය මගින්ම පුම්බපු චරිතයක් විතරයි.. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු 500කට ආසන්න ප්‍රමාණයක් වැඩකරනවා...බාහිර රෝගී අංශය පැය24 වෛද්‍යවරයෙක් තියන්න බැරිවුණා. බොරුවට විවේක කාමරයක් නෑ කියලා අදටත් ඒක එහෙමමයි... අදටත් වාට්ටු 4කට රාත්‍රී රාජකාරිවලට දාලා තියන්නේ එක දොස්තරයි. ඒ වෙනුවෙන් කී දෙනෙක් අතිකාල ගන්නවද කියලා මුලින් බලන්න වාට්ටු දෙකක ලෙඩ්ඩු දෙන්නෙක් එකවර බෑඩ් වුණොත් බඩු බනිස්...ගොඩක් වාට්ටු වල රෑට ලෙඩෙක් මැරුණත් දොස්තර එන්නේ ලෙඩා ලඟ හිටියේ නෑ කෙනෙක් නම් විතරයි.. නැත්නම් ඩෙත් එක ලියන්නේ පහුවදා උදේ... රෝහලේ කසල බැහැරකිරීම සහ කලමණාකරනයන් කෙරෙන්නේ ඉතා දූෂිත මට්ටමින් කුණු රෝහල අතුලෙම ගිනි තියනවා. පිරිසිදු කිරීම් අංශයේ ඉඳලා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවා දක්වා රෝහල ඇතුලේ අනවසර ඉදිකිරීම් කරලා පදිංචි වෙලා ඉන්නේ. මහත්තයා උදේ පාන්දරත් සන්ග්ලාස් දාගෙන ෂෝ එකට වෝඩ් රවුන්ඩ් කරනවා දැකලා තියනවා දැකලා තියනවා.
මේකේ "dislike" බුරුතු පිටින් දාලා තියෙන්නේ දොස්තරලයි, සෞඛ්‍ය සැපයුම් අංශයේයි කට්ටිය වෙන්න ඇති. කොමිස් කුට්ටි ගැන කතා කරනකොට හුඟක් රිදෙනවා ඇති, පව්