(තරිඳු ජයවර්ධන)
ජනාධිපතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් ඔහුගේ නම සහ සලකුණ ඇතුළත් කර ඒ ඉදිරියෙන් කතිර සලකුණ යොදා ඇති කාඩ්පත් මහජනයා වෙත බෙදා හරිමින් සිටි බව කියන තිදෙනකු බොරලැස්ගමුව කටුවාවල හංදියේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් එම අපේක්ෂකයාගේ නම කාඩ්පත්වල මුද්‍රණය කර තිබුණු බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු විවිධ සේවා සමූපාකාර සමිතියක මුද්‍රණ කළමනාකරුවකු බවත් පොලිසිය කියයි.
සැකකරුවෝ කටුවාවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන්ට අමතරව ත්‍රීරෝද රියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd