(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ ක්‍රමය පමණක් නොව මැතිවරණ සංස්කෘතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතැයි එම විශේෂ කාරක සභාව පවසයි.
එමෙන්ම මැතිවරණ අපේක්ෂකයන් සඳහා විධිමත්,ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බවටද එම කමිටුවට යෝජනා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.
COMMENTS
අදහස හොඳයි, හැබැයි කරන්න අමාරුයි. මොකද ලංකාවේ දේශපාලනය පවුල් දේශපාලනයක් හින්දා... ජයවේවා..!!!
දැන් ඉන්න අයගෙ හැටි රටම දන්නවා. එන අයත් ඒ අඩිපාරේම යයි. දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
1977 මහ මැතිවරණයේදී පොලිසියට සුමානයක් නිවාඩු දීලා ධර්මිෂ්ඨ රාජ්‍යයක් පටන් ගත්තු දවසේ අපේ දේශපාලන ආචාරධර්ම අභාවප්‍රාප්ත වුණා. දැන් 90%ක්ම දේශපාලකයින් යන්නේ ඒ ධර්මිෂ්ඨ මාවතේ...