(අජන්ත කුමාර අගලකඩ)
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔහු සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි පැවසේ.
ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන පැල්පිට මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාෙවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.
COMMENTS
ඉක්මණටම මේ කාලකන්නි රජය එලවා දමන්න පෙළගැසෙමු. නැත්නම් මේ අය අර පරණ හොරු ඔක්කොම සල්ලි තියෙන තැන්වලට දානවා හොරකම් කරගන්න.
සිල්රෙදි බෙදපුවාට නොසලකා ඉන්නයි කියන්නේ...!!!
විශ්‍රාම ගන්නවා කිව්වා නේද?
රට සහ එහි ආර්ථිකය මේ උවදුර හමුවේ අවදානම් ගමනක් යනවිටදීත් තමන්ගේ එව්වන් රජ කරවන්න මොවුන් දඟලන දැඟලිල්ලක් රටේ නායකත්වයෙන් බලාපොරොත්තු වුණු දේ මේක නෙවෙයි. ජනතාව, ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා පවා ඡන්දය දී මොවුන්ව බලයට ගෙනාවේද මෙයට නොවේ. මින් ඉදිරියට ජනතාව කිසිවෙකුට 2/3ක බලයක් හෝ ජනතාවාදී යයි කියන නායකයෙක් පත් කිරීමට විශ්වාසය තබයි කියා හෝ සිතිය නොහැකිය...
සුදු රෙදි හොරාට තියන තැන.
මේ රටේ මොනතරම් උගත්තු ඉන්නවද??? ඇයි මේ මොනයම් හෝ හොරකමකට සම්බන්ද අය නැවත නැවත පත්කරන්නේ? අපේ රට වලපල්ලටම තමය් යන්නේ.දැනටමත් ගිහිල්ල ඉවරය් තවත් යන්න නැහැ.
ඒක තමයි බැලුවේ මේ මොනවද වුනේ කියලා