
(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ ඓතිහාසික අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා කැණීම් කටයුතු වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් අද දින ආරම්භ කළහ
සංඝමිත්තා මහරහතන් තෙරණිය වහන්සේ ලක්දිවට ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමෙන් අනතුරුව අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කර ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ වූ ස්ථානය ලෙස මෙය සැලකේ.
ක්‍රි. පූර්ව 02 සියවසට අයත් මෙම අනුලා චෛත්‍යය අවට විහාර ඉදිකොට 500 භික්ෂුණින් වහන්සේලා මෙම ස්ථානය වැඩ සිටි බව ඉතිහාසයේ සඳහන්ය.
ලොව බෞද්ධ රටවල්වලට බුදුදහම රැගෙන ගොස් එම රටවල ද භික්ෂුණී ශාසනය ආරම්භ කළ බවද එම කටයුත්ත සිදු කළ මූලස්ථානය ලෙස ද මෙම ස්ථානය සැලකේ.
පසුකාලීනව ගරාවැටී නටබුන් බවට පත් වූ අනුලා චෛත්‍යය නැවත ප්‍රතිස්ථාපනය කිරීම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ සම්බන්ධීකරණයෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් ගේ මූලිකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය හා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.




COMMENTS
යශෝදරා ස්තූපය ඔයගොල්ලෝ සංරක්ෂණය කරන්නේ කවද්ද? ඒකත් තියෙන්නේ ඔය කියන ලක්දිව තමයි.
සාදු..! සාදු...! සාදු...!
මේ සල්ලි නැතිව බංකොළොත් වෙලා රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව යන කාලයක්.. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පඩි ගෙවලා විහාර සංරක්ෂණය කරන්න උපදෙස් දුන්නේ කවුද?
මේවා තමයි දැන් අත්‍යවශ්‍ය කටයුතු . මළ නාඩගම් ,ඕව කරල අපට ලැබිච්ච දේ කුමක්ද ? අධ්‍යාත්මක හෝ භෞතික දියුණුවක් ලැබිලද?
සාදු සාදු!! මේ මහා පුණ්‍ය කටයුත්තට මාගේ නමස්කාරය වේවා!! සියලු සත්වයින් මේ පින්කම බලා සතුටු සිත් අැතිකර ගැනීමට තරම් බුද්ධිමත් වේවා! සද්ඩර්මය අබමල් රේණුවක්වත් දන්නා අැත්තෝ සතුටු සිත් අැතිකර ගනිත්වා..!! මේ පුණ්‍ය කර්මයන් සුවසේ අනුමෝදන් වේවා...!!!