IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය අරඹයි

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ ඓතිහාසික අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා කැණීම් කටයුතු  වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක  හිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් අද දින ආරම්භ කළහ

සංඝමිත්තා මහරහතන් තෙරණිය වහන්සේ ලක්දිවට ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමෙන් අනතුරුව අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කර ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ වූ ස්ථානය ලෙස මෙය සැලකේ.

ක්‍රි. පූර්ව 02 සියවසට අයත් මෙම අනුලා චෛත්‍යය අවට විහාර ඉදිකොට 500 භික්ෂුණින් වහන්සේලා මෙම ස්ථානය වැඩ සිටි බව ඉතිහාසයේ සඳහන්ය.

ලොව බෞද්ධ රටවල්වලට බුදුදහම රැගෙන ගොස් එම රටවල ද භික්ෂුණී ශාසනය ආරම්භ කළ බවද එම කටයුත්ත සිදු කළ මූලස්ථානය ලෙස ද මෙම ස්ථානය සැලකේ.

පසුකාලීනව ගරාවැටී නටබුන් බවට පත් වූ අනුලා චෛත්‍යය නැවත ප්‍රතිස්ථාපනය කිරීම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ සම්බන්ධීකරණයෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් ගේ මූලිකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය හා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.

 

 



අදහස් (5)

අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය අරඹයි

ashok Sunday, 26 December 2021 05:46 PM

යශෝදරා ස්තූපය ඔයගොල්ලෝ සංරක්ෂණය කරන්නේ කවද්ද? ඒකත් තියෙන්නේ ඔය කියන ලක්දිව තමයි.

:       10       7

jagath Sunday, 26 December 2021 08:10 PM

සාදු..! සාදු...! සාදු...!

:       0       1

chandima Sunday, 26 December 2021 08:41 PM

මේ සල්ලි නැතිව බංකොළොත් වෙලා රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව යන කාලයක්.. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පඩි ගෙවලා විහාර සංරක්ෂණය කරන්න උපදෙස් දුන්නේ කවුද?

:       7       7

සෙනෙවිරත්න Monday, 27 December 2021 06:17 AM

මේවා තමයි දැන් අත්‍යවශ්‍ය කටයුතු . මළ නාඩගම් ,ඕව කරල අපට ලැබිච්ච දේ කුමක්ද ? අධ්‍යාත්මක හෝ භෞතික දියුණුවක් ලැබිලද?

:       6       1

Dumi Tuesday, 28 December 2021 03:27 AM

සාදු සාදු!! මේ මහා පුණ්‍ය කටයුත්තට මාගේ නමස්කාරය වේවා!! සියලු සත්වයින් මේ පින්කම බලා සතුටු සිත් අැතිකර ගැනීමට තරම් බුද්ධිමත් වේවා! සද්ඩර්මය අබමල් රේණුවක්වත් දන්නා අැත්තෝ සතුටු සිත් අැතිකර ගනිත්වා..!! මේ පුණ්‍ය කර්මයන් සුවසේ අනුමෝදන් වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site