IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනුර සේනානායකට එරෙහි අධිචෝදනා ඔක්තොබර් 23 සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි අධිචෝදනා විවෘත අධිකරණයේ දී ඔහුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ලබන ඔක්තොබර් 23 වැනිදා සිට නඩුව විභාග කිරීමට අද (27) නියම කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප වශයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 10ක මුදල් ඇපය මෙම නඩුවේද මුදල් ඇපය වශයෙන් බාරගැනීමට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබු සිතාසියකට අනුව අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කූඩුවට ගොඩ වූ අතර ඔහුට එරෙහි අධි චෝදනා පත‍්‍රය විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේ දී බාර දෙන ලදී.

2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කර ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක තම සේවාදායකයාට ඇප නියම කර ඇති හෙයින් එම ඇපය මත හෝ සුදුසු  ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට පැමිණිල්ලක් ලැබුණු හොත් නියම කර ඇති ඇපය අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන බව විත්තිකරුට දැනුම් දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසද නියම කළේය.

විත්තිකරුට එරෙහි නඩුව ලබන ඔක්තොබර් 23,24 සහ නොවැම්බර් 07,08,15 වැනි දිනවල විභාග කිරීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන  30 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියහ.



අදහස් (2)

අනුර සේනානායකට එරෙහි අධිචෝදනා ඔක්තොබර් 23 සිට විභාගයට

රජින්ද Thursday, 27 June 2019 09:52 AM

අපි බැලුවේ මේ මාතෘකාව මොකෝ තවම එලියට අවේ නැත්තේ කියලා. ඡන්ද ලං වෙනකොට ඔන්න ආයෙත් තාජුදීන් ගැන හොයන්න යනවා. අවුරුදු 5ක් කොරගන්න බැරි වෙච්ච දේ ජනතාව ගොනාට නෙවේ බූරුවට අන්දවන්න හිතාගෙන ආයෙත් කොරන්න හදනවා. මේ වගේ පාලකයින් ටිකක් මේ රටේ ඉතිහාසය පුරාවටම ඉදලානම් නැතිව ඇති.

:       0       0

Ranga Thursday, 27 June 2019 12:54 PM

ඇති යන්තන් ඡන්දයක් එනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site