(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ.
මෙසේ මාරාන්තික උපවාසයක නිරතව සිටින්නේ සින්නික්කුලම,මොරගොඩ,ශ්‍රාවස්තිපුර පදිංචි ඩබ්.ජේ.ඒ.විජේරත්න (47) සහ පි.ජි. ශාන්තිලතා සුධර්මා (45) නැමති අඹුසැමි යුවළකි.
අනුරාධපුර පොලිසියට විරුද්ධව මාර ගසට නැග මාරාන්තික උපවාසයක් අරඹා ඇති විජේරත්න ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සත්ව ගොවිපල හිමියෙකි.
තමන්ට අනුරාධපුර පොලිසියෙන් සිදුව ඇති ගැහැටකම් සහ ආසාධාරණයන් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.
‘අවුරුදු ගණනක් අනුරාධපුර පොලිසියෙන් මට කරදර කළා. සත්ව ගොවිපලෙන් මස් නොමිලේ ඉල්ලනවා. පගාව ඉල්ලනවා. මගේ ගොවිපලේ තාරාවෝ හතර දෙනෙක් අල්ලපු නිවසේ කාන්තාවගේ සුන්‍යඛයන් විසින් මරා දැමුවා. ඒ පැමිණිල්ල මෙතෙක් විභාග කලේ නැහැ. අපි පොලිසියට ගෙන්වලා රස්තියාදු කරනවා. ඒ වුණාට අල්ලපු ගෙදර කාන්තාව විසින් අපිට විරුද්ධව දාපු පැමිණිල්ල විභාගයටත් නොගෙන මටත් මගේ බිරිදටත් දරුවෝ තුන් දෙනෙකුට සහ තවත් ඥාතීයකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු වගකිව යුතු සියළු දෙනාට පැමිණිලි කළා. කිසිම සාධාරණයක් වුණේ නැහැ. දැන් අවුරුදු ගණනක් තිස්සේ පොලිසිය අපිට කරදර කරනවා. මේ ප්‍රශ්න නිසාම මගේ බිරිදත් රෝගියෙක් වුණා. මගේ දරුවෝ හොදින් ඉගෙන ගන්න දක්ෂ දරුවෝ. ඔවුනුත් මේ නිසා පීඩාවට පත්වෙලා සිටිනවා. ඒ නිසා තමන්ට සාධාරණයක් ඉටුවන තුරු තමන් ගසින් නොබසින බව’ හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සංජිව මහනාම මහතාගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.
ගස මතට නැගී සිටින පුද්ගලයා විසින් පොලිසියට කර ඇති පැමිණිලි සියල්ල විභාග කළ බවයි.


COMMENTS
අසරණ මිනිස්සු කාට කියන්නද දෙවියනේ .මොවුන්ට වෙන අසාධාරණකම්
පොලිසියෙන් ඒ මිනිසුන්ගේ ප්‍රශ්න විභාග කලානම් ඒ මිනිසුන්ට පිස්සුද මේ ගස් උඩ බඩගාන්න. මෙතන මොකක්හෝ අසාධාරණයක් මේ අයට වෙලා ඇති. අනික පොලිසිය මෙහෙම පගා කප්පම් ඉල්ලන එකේ අරුත මොකක්ද? මේ රටනම් ගොඩගන්න අමාරුයි මේ යන විදිහටනම්.
ජනතාවාදී පාලනයක් එනතුරු ඔහොම තමයි රජයේ කොතැනට ගියත් ඔහොම තමා
මේ දෙන්නට වන අසාධාරණය ගහකට නැගලා හරි කියන්න පුළුවන්. ඒත් මේ දෙදෙනා එකතුවී දිනපතාම ඝාතනය කරන සිය ගණන් අහිංසක සතුන්ගෙ ජීවිතවලට වන අසාධාරණය ඒ සතුන් කාට කොහොම හඬගා කියන්නද! අධාර්මිකව ජීවත්වනවාට වඩා ධාර්මිකව මියයාම උතුම්ය.
එළවලු කන වෙජිටේරියන්ලා කරන්නේ වැඩි හරියක් , අනුන්ගේ කකුලෙන් ඇදීම, බැනීම, හොද දේට විරුද්ද වීම, අහිංසකයන් පෙළ වීම වේ. මෙය එයට හොදම උදාහරණ වේ.
සෙනෙවි, යමක් පිළිබඳ ආධානග්‍රාහී ජනප්‍රිය මතය සහ සබුද්ධික සවිචාර මතය යනුවෙන් දෙකක් වෙයි. සත්ත්වඝාතනය, මරණ දඬුවම වැනි කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දරන්නේ මෙහි පළමු වර්ගයේ මතයයි. නමුත් කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ලෝවැසි සියලු සතුනගේ දිගුකාලීන යහපත සළකා බැලීමේදී මොනයම් ආකාරයේ හෝ මොනයම් තරමේ හෝ මොනයම් අරමුණකින් හෝ කෙරෙන සත්ත්ව හිංසනය අනුමත කළ නොහැක.
තවමත් රටේ පොලිසි වලින් "සත්ව ගොවිපලෙන් මස් නොමිලේ ඉල්ලනවා" වැනි දේ අසන්නට ලැබීම කණගාටුවට කරුණක්. සතුන් මැරීම හොඳ නැති දෙයක් වුනත්, අද බොහෝ දෙනෙක් ජීවත් වීමේ අරගලය සඳහා වෙන කල හැකි දෙයක් නැති බවින් මෙවැනි දේ සිදු කරනවා. මේ අයට යම් අසාධාරණයක් වී ඇත්නම් පොලිසිය ඒ පිළිබඳව අවදානය යොමු කිරීම සාධාරණ යයි සිතමි.
හැම අයෙක්ම, තමන්ගේ අල්ලපු ගෙවල්වල ඉන්න අයට වෙන අපහසුතාවය ගැන නොතකා බොහෝ දේවල් කරනවා. අපේ නැන්දාගෙ ගෙදර ගේට්ටුව අයිනෙ කෙනෙක් මාලු ලෑල්ලක් දෑම්මා. කිව්වම රණ්ඩුවට එනවා. අන්තිමට නැන්දා ගෙදර විකුණලා ගියා. මේකත් ඒ වගේ. සත්ව ගොවිපලකින් මොන තරම් ගඳක් එනවද? සත්තු කෑ ගහනවද? මරපු සත්තුන්ගෙ ලේ ගඳ? පිහාටු ගඳ වගේ කුණු ගඳවල් වලින් පැත්තම අවුල ඇති. ලේ පාරවල් පාරෙ කාණු දිගේ යනවා ඇති. මේවා කරන්න ලයිසන් දෙනකොට, වටපිටාව ගැන බලලා අවසර දෙන්න ඕනෙ. මේ අය දුප්පත් කම ආයුධයක් කරගෙන ඉන්නෙ.
මේ ලිපියෙන් මතු වුන ප්‍රධාන ගැටලුව මොකක්ද? නීතිය රැකීමට ඉන්න පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම. අදහස් 60 ක් විතර දාලා තිබුනට කවුරුත් ප්‍රශ්නෙට අදාල උත්තරයක් දීලා නෑ. ඒ දේ වෙන විදිහකට හෙට මට උනොත් මොකද කරන්න පුළුවන්? පොලිසිය නීතියේ අතරමැදියා නිසා නීතිඥයෙක් ගාවට ගියොත් විසදුමක් හොයාගන්න පුළුවන් වෙයිද ? නැත්තන් වෙන මොකක් හරි තැනක් තියේද අදාල පොලිස් ස්ථානයට එරෙහිව පැමිණිලි කරන්න පුළුවන්ද? දන්න අය කියන්න.