IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනාරක්ෂිත විදුලි වැටේ ගැටී පස් දරු මවක් මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි වැටක ගැටී පස් දරු මවක් අද(25) මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ  නවගත්තේගම මහපිටිය පදිංචි සිටි 54 හැවිරිදි ඊ. එම්. බිසෝ මැණිකා නමැත්තියකි.
 
වල් අලි බහුල ප්‍රදේශයක් වන මොරගහවැව මහපිටිය ගම්මානයේ වැසියෝ තම ඉඩම් ආරක්ෂා කර ගැනීමට මෙසේ අනවසර විදුලි වැටවල් සකසති.
 
මරණයට පත් කාන්තාවගේ ඉඩම වටා ඇද තිබූ විදුලි වැට වෙනත් දිනවලදී ඇගේ සැමියා විසින් විසන්ධි කරන නමුත් අද විසන්ධි කිරීමට අමතක වී ඇති බවත්, කාන්තාව විදුලි වැට ආසන්නයෙන් වෙනත් ස්ථානයකට ගමන් කිරීමට යාමේදී විදුලි සැර වැදී ඇති බවත්, නවගත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැවි පොලිසිව කියයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය හා වන ජීවි අඩවි කාර්යාලය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

අනාරක්ෂිත විදුලි වැටේ ගැටී පස් දරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site