IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනාරක්ෂිතව රිය පදවන දරුවන් ගැන මනෝවෛද්‍ය රූබන්ගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

බාලවයස්කාර ඇතැම් දරුවන්  අධික වේගයෙන් වාහන පදවා රිය අනතුරු සිදු කරන්නේ බොහෝවිට  විවිධ මානසික තත්වයන් (ප්‍රශ්න) නිසා බවත් නව යෞවනයේ සිටින  දරුවන්ට  සිය ආවේග ආරක්ෂිත ආකාරයෙන් මුදා හැරීමට   අවශ්‍ය පරිසරය   සැලසීම මවුපියන්ගේ මූලික වගකීම   බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය.

නව යෞවනයේ පසුවන තරුණ තරුණියන් එම කාලසීමාවේදී මතුවන විවිධ  ත්‍රාසජනක ආකාරයෙන් මුදා හැරීමට කටයුතු කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා අධික වේගයෙන් වාහන පැදවීම, විවිධ ජලාශවල  අනාරක්ෂිත සහ අවදානම්  ආකාරයට පිහිනීම සහ උස ස්ථානවලට  නැගීම වැනි කටයුතුවල යෙදෙන්නේ එවැනි ආවේගකාරී  මානසික තත්වයන්  සමනය කර ගැනීමට බවද  සඳහන් කළේය.

නව යෞවන සමයේදී  බොහෝ දරුවන් ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට  දැඩි ලෙස ආසක්ත වන බවද එය පරිණාමිකව මතුවන  මානසික තත්වයක්  ලෙස සැලකිය හැකි බවද  රූබන් මහතා ප්‍රකාශ කළේය.


විවිධ ක්‍රීඩා  හා බාලදක්ෂ වැනි වැඩසටහන්  නව යෞවන යෞවනියන්ගේ ආවේග ආරක්ෂිත ආකාරයට මුදා හැරීමට  ඉඩ සැලසෙන ස්ථාන බව  පැවසූ විශේෂඥ  වෛද්‍යවරයා   එවැනි වැඩසටහන් සඳහා දරුවන් වැඩි වැඩියෙන් පෙළඹවීම  වැදගත්  බවද සඳහන් කළේය.

ඇතැම් යෞවන යෞවනියන් සිය ආවේගකාරී අදහස් සම්මතයට පිටින් හිතුවක්කාරී ලෙස පිටකර ගැනීමට උත්සාහ දරන බවත් කලහකාරී ලෙස හැසිරීම, නීතියට විරුද්ධව යෑම, බලය සහිත පුද්ගලයන්ට අභියෝග කිරීම එවැනි මානසික තත්වයන් බවත්  රූමි රූබන් මහතා පැවසුවේය.

කොරෝනා  සමයේදී නව යෞවන යෞවනියන්, දරුවන් නිවෙස්වලට  කොටුවීම නිසා  යෞවනත්වයේ ආවේග ආරක්ෂාකාරී අන්දමින් පිටකර ගැනීමට තිබූ අවස්ථාව බොහෝ දුරට ඇහිරී ගිය බවද  හෙතෙම පෙන්වා දුන්නේය.

රජය, මවුපියන් සහ වැඩිහිටියන්  නව යෞවන යෞවනියන්ගේ මෙම මානසික තත්වයන්  බොහොම කල්පනාකාරීව සහ  බුද්ධිමත් ආකාරයට සොයා බැලිය යුතු බව  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

අනාරක්ෂිතව රිය පදවන දරුවන් ගැන මනෝවෛද්‍ය රූබන්ගෙන් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site