සටහන සහ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේදී අද පැවැත්විණ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක සහ ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පියවර ගැනීමට තමන් සූදානම් බවයි.
මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අන්තවාදය පරාජය කරන්න මහින්ද හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් යෝජනා මාලාවක් ඉල්ලයි
chandima Sunday, 28 April 2019 03:09 PM
ඔබතුමා මොනවට මහන්සි වෙනවද? මේ දවස්වල ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් ගෝලීය ත්‍රස්තවාදය නැතිකරන්නනේ යන්නේ.. අනික විදේශ ත්‍රස්තවාදීන්ට සහයෝගේ දුන්නට අපට කරන්න දෙයක් නැහැ කියලත් කියනවනේ අපේ ධුරදර්ශි නායකයෝ.
liyanageSunday, 28 April 2019 09:17 PM
හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පියවර ගැනීමට තමන් සූදානම් බවයි. විපක්ෂ නායකවරයා වශයෙන් ඔබතුමාගේ අදහස් රටේ ආරක්ෂව පිළිබද උනන්දුව ඉතා ඉහලින් රටවැසියා අගය කරනු ලැබේ. නමුත් ඔබතුමාගේ වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔබතුමාත් ඔබතුමාගේ ගෝලබාල කණ්ඩායමත් වාර්තාව දේශපාලන වාසියට හරවා මෙසේ කීමට ඉඩ තිබේ. එයනම් මේ වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා ආරක්ෂාව පිලිබදව කිසි දැනීමක් නොමැති නිසා ඔබතුමා ගේ වාර්තාව නිසා " isis" ත්‍රස්තයන් ලංකාවෙන් නැතිකිරීමට හැකිවුබව දිනපතා කිමෙන් බොර දියේ මලු සොයනවා වගේ සැකයක් ජනතවට තිබේ
BamunuarachchiMonday, 29 April 2019 01:21 AM
ඔබ හරියට හරි. මෙතන ලියන එජාප බුද්දිමතුන් හිතන්නෙත් ඒ නායක තුමා හිතන විදිහට. ආයුධ ටික ඇල්ලුවාම ත්‍රස්තවාදය සදහටම ඉවරයි කියලා.
NUwan Sunday, 28 April 2019 03:16 PM
අන්න හරි... බැන බැන නොසිට විකල්ප ඉදිරිපත් කරමු. එවිට මේ බලලෝභී ආණ්ඩුවට කියාගන්න දෙයක් නැතිවෙයි නිදහසට කාරණා..
Hafeel Sunday, 28 April 2019 03:17 PM
දැනටමත් ගොඩක් දුරට ආරක්ෂක අංශය විසින් පරාජය කරලා. දැන් අවසාන මොහොතේ ලකුණු දාගන්න කරන්න උත්සාහයක්...
BamunuarachchiSunday, 28 April 2019 05:10 PM
මොකද පරාජය කරලා තිබෙන්නේ? නොදන්නා කමයි ගොබ්බ කමයි අපිට පෙන්වන්න එපා.
BamunuarachchiMonday, 29 April 2019 01:16 AM
ආයුධ ටික සොයා ගත්තා කියන්නේ ත්‍රස්තවාදය පරාජය කලා නොවෙයි. ත්‍රස්තවාදියෝ එහෙම්මම ඉතුරුයි. මේ ආගමික ත්‍රස්තවාදය මේ විදිහට නැතිකොරන්න බැහැ. නොදන්නාකම පෙන්වන්න එපා.
nudMonday, 29 April 2019 02:27 AM
ගහේ අතු කැපුවට ගහ තාම හොදින් කියල නොදන්නා එක දුකක්. තේරුම් ගන්න පරාජය කරන්න තව ගොඩක් දුර යන්න ඕන.
samanMonday, 29 April 2019 07:11 AM
2009 න් පස්සෙත් ඔය විදිහට කට්ටිය හිතන්න ගත්ත නිසා තමා අද මෙහෙම වෙලා තියෙන්නේ. මුස්ලිම් අන්තවාදය LTTE එකට වඩා ලෝකෙම පැතුරුණු දෙයක්. ඒක දවසෙන් දෙකෙන් ඉවරකරන්න පුළුවන් කියල හිතන ඒක මෝඩකමක්.
Bernard Dharmatileke Sunday, 28 April 2019 03:21 PM
මේ නිලධාරීන් වයස ගිය විශ්‍රාම අය නමුත් සරත් ෆොන්සේකාට අදත් පුළුවන්, හෙටත් පුළුවන්..
BamunuarachchiMonday, 29 April 2019 01:09 AM
හලෝ නිලධාරීන් විශ්‍රාම යන්නේ වැඩ බැරිනිසා නොවෙයි. එයාටත් දැන් 68 යි උපන්නේ 1950 දෙසැම්බර් 18.
indikaMonday, 29 April 2019 03:34 AM
මේ හුඟක් අය ෆොන්සේකාට පස්සේ විශ්‍රාම ගිය අය. ෆොන්සේකා විශ්‍රාම යන්න තිබුනේ 2007 අවසන් යුද්ධේ පටන් ගන්න කිට්ටුව.
මිගිදා Sunday, 28 April 2019 03:22 PM
බොර දියේ මාළු බාන අවස්ථාවාදීන්. ඔක්කොම එකයි බොලව්...
BamunuarachchiSunday, 28 April 2019 05:07 PM
ත්‍රස්තවාදියා හඳුනා ගැනීමට බැරි තරමට දිය බොර කලේ අර 62 ක. ඔබත් එක්කෙනෙක් නේද?
BamunuarachchiMonday, 29 April 2019 12:33 AM
ඔය පළපුරුදු අය ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමත් බොරදියේ මාළු බෑමක්ද? මේවගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුළුවන් අය ආණ්ඩුවේ ඉන්නවාද?
Ranaweera Sunday, 28 April 2019 03:46 PM
බෝට්ටුවට නගින්න වගේ... හොඳා ..හොඳා..
chathuri Sunday, 28 April 2019 03:50 PM
දැන්ද විස්තර මාලාව ඉල්ලන්නේ? දැන් මුළු රටෙන් තුන් කාලක්ම සුද්ද දමල ඉවරයි. පාස්කු ඉරිදා ඔය වැඩේ පටන් ගන්න තිබුනේ... එ්ත් කමක් නැහැ ආසාවනේ... ෆයිල් එහෙම හංගනවා නොවේ... මම දන්නේ නැහැ කියන්න. ඔය වැඩේ කෙටියෙන් කරන්න තිබුණා. ආරක්ෂක ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න කිව්වා නම් ඒක වෙයි කියන බයට තමයි දැන් මෙහෙම දෙයකට පෙලඹුනේ... හැන්ද තියාගෙන.. අත පුච්චගන්න වැඩ තමයි දන්නේ...
මනෝSunday, 28 April 2019 06:19 PM
රටේ ප්‍රශ්න ගැන වගේ වගක් නැතුව බහු භූත කියමින් ජනතාව ට මේ ශෝකාකූල අවස්ථාවේ විහිළු සපයන අයට මොලය පාදන ක්‍රමයක් සොයමු.
BamunuarachchiMonday, 29 April 2019 01:00 AM
මොකක්ද හලෝ ඒ ගොන් කතාව කෙනෙකු අතේ තිබෙන ආයුදේ ගත්ත පලියට ඒ මිනිහා කරන්න හදන අපරාදය නවතින්නේ නැහැ. කඩු තුවක්කු විතරයි අල්ලාගත්තේ ඒවා පාවිච්චි කොරන්න හිටිටපු මිනිස්සු අල්ල ගත්තේ නැහැ. ඔහේ හිතන්න දැන් ඔක්කොම හරී ත්‍රස්තවාදය ඉවරයි කියාලා. ලොක්කා හිතන විදිහටමයි මේවගේ සොක්කොත් හිතන්නේ.
Jayampathi Sunday, 28 April 2019 03:58 PM
මහින්ද බාලසූරිය...? හ්ම්...
විජිත් Sunday, 28 April 2019 06:32 PM
මෙයාට නේද මහින්ද මහත්තයා ඒ කාලේ කනට ගැහැව්වේ..? එහෙව් එකේ මොන මගුලකටද මේකට ආවේ..? තව දෙයක් තියෙනවා කියන්න. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ පිටුපස තියෙන අදිසි හස්තය කුමක්ද...? ත්‍රස්තයින්ව මෙහාට එවපු ප්‍රභල හස්තයේ ' ටාගට් ' එක වැරදුනා. ඒ කියන්නේ මේපාර 83 වගේ ලංකාවේ මිනිසුන් කුලප්පු වුනේ නැහැ. කාටවත් හිරිහැර කලේ නැහැ. අපි හිතමු මොහොතකට..එහෙමවෙලා දහස් ගණනක් මැරිලා දේපොළ ගිනිබත්කරලා,මහා ජාතිවාදී,ආගම්වාදී ප්‍රශ්නයක් වුනා කියලා..එහෙනම් ..මේ ප්‍රශ්නය ඇමෙරිකානු විරෝධී ත්‍රස්ත ව්‍යාපාරයක් විසින් කරන ලද්දක්, එනිසා ශ්‍රී ලංකාවට සහයවීමට ..ඇමෙරිකානු ඒ වගේම නේටෝ හමුදාවන් අපේ රටට ගොඩ බස්සවයි..මේ ' ත්‍රස්තවාදීන් මර්දනය කරන්න' කියලා. අවසානයේදී ඒගොල්ලන්ගේ ආයුධ ත්‍රස්තවාදීන්ටම දීලා ' ඉතිරි ටිකත් ගහපල්ලා මේවගෙන් 'කියලා කියාවි. ( ඉතිහාසයේ හැමදාමත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කලේ ඕකමයි...)අන්තිමේදී අපේ රට ඉරාකය,ලිබියාව, එහෙමත් නැතිනම් සිරියාව වගේ ' සැකිල්ලක් පමණක් තියෙන' පන අදින රටක්වේවි. එවිට රජයට සිදුවෙනවා මේ " මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" එකේ වැඩ කටයුතු ඉක්මන් කරලා අක්කර ලක්ෂ 20ක් පමණ ඇමෙරිකාවට ලියලා දෙන්න. ඉදිරියට ....
Saman Sunday, 28 April 2019 04:04 PM
'හිටපු ආරක්ෂක ප්‍රධානින්' ? එතකොට 'ෆොන්සේකාත්' අයිති වෙනවනේ. ඒ ගොල්ලො මොකටද? මල්ලිගෙන් අහන්නකො, එයා පොතකුත් ලිව්වේ "යුද්දෙ ඉවර කලේ මං" කියලා.
Malkanthi Perera Sunday, 28 April 2019 04:18 PM
ඔබ පරක්කුයි. දැනට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලැබී තියෙනවා. ආරක්ෂක අංශ ලොකු වැඩ කොටසක් කර හමාරයි. කවුද කියන්නේ ඔවුන් දුර්වල ද? කියලා
Thilina Sunday, 28 April 2019 04:19 PM
අපේ මිනිස්සුන්ගේ කුහකකම නිසා තමයි අපිට මෙහෙම වුනේ.. මේ වෙලාවේ යුද්ධයක් අවසන් කරපු නායකයන් විදිහට තමන්ගේ වගකීම අරගෙන රටට අවශ්‍ය දෙයක් කරද්දීත් පාට කණ්ණාඩි දාපු මිනිස්සු කරන්නේ අපහාස කරන එක.. මේ මිනිස්සුන්ට තියෙන්නේ එදා කළා වගේ අද ආරක්ෂක හමුදාව කරන දේවල් සමච්චලයට ලක් කරන්නයි. එතකොට සතුටු වෙයි.
ramaniMonday, 29 April 2019 10:42 AM
ඔබ හරි. එදා යුද්ධය යද්දී අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා, ලාහුගල කියල තොප්පිගල යනවා කතා කියල අපේ හමුදාවන්ට අපහාස කරපු අයගේ ආණ්ඩුව නිසා තමයි අද මෙහෙම වුනේ. ඔයින්ම කෙනෙක් තමයි ෆොන්සේකා මහතාටත් අපහාස කරේ ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා.
fasmy Sunday, 28 April 2019 04:37 PM
එතුමා රටේ විපක්ෂ නායක යහපලනේයෙන් ලැබුණ වාසියක් තමයි..... යම්කිසි බලයක් විපක්ෂ නායකටත් තියෙනවා එබැවින් මහින්ද හිටපු ජනාධිපති තුමාටත් අයිතියක් තියෙනවා මේ සම්බන්දයෙන් ක්‍රියාකරන්න
tommy Sunday, 28 April 2019 04:38 PM
ඔය වැඩේට නායකත්වය දෙන්ට හොඳම මිනිහ තමා සරත් ෆොන්සේකා. නමුත් මේ අය ඔක්කොම එයාට බයයි.
Bamunuarachchi Sunday, 28 April 2019 04:51 PM
පළපුරුදු වැඩකාරයන් ඔක්කොම මේ පැත්තේ වැඩ බැරි සොක්කන් තමයි ඔවුන්ට ඉතිරිවෙලා ඉන්නේ... ඔවුන්ට කියන්න වැඩ පෙන්වන්න කියලා. ඔබතුමා කළොත් උන් ලකුණු දාගනීවි... එමනිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න.
සමන්ත Monday, 29 April 2019 02:51 PM
මේ.., බමුණු ආරච්චි, ඔයා මේ හැමදේටම පැනලා දෙන්නේ රාජපක්ෂලා කියන්නේ තමුන්ගේ බාප්පලද? ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ඉගෙන ගන්නවා. මෝඩකම පෙන්න පෙන්න පැනලා දෙන්න එපා. සරත් ෆොන්සේකා විතරක් නෙමේ, එල්.ටී.ටී.ය පරද්දන පදනම් දැමු මිනිහා ඉන්නෙත් ආණ්ඩුවේ තමයි.
Bamunuarachchi Sunday, 28 April 2019 04:58 PM
"යුද්දේ ඉවරකලේ මං" නැතුව වෙන කව්ද?
d.upul Sunday, 28 April 2019 05:03 PM
තවත් විහිළුවට ලක්වෙන්න එපා මහින්ද මහත්තයෝ. මේවා පටන්ගත්තේ ඔබ රට පාලනය කරන කාලයේ තමයි.
Silva Sunday, 28 April 2019 05:10 PM
විපක්ෂ නායකයා ඉල්ලලා තියෙන්නේ යෝජනා මාලාවක් විතරයි. එත් කුලී හේවායෝ දැනටමත් බයේ ගැහෙනව. සිරිකොතේ එවුනුත් සම්බන්දද දන්නේ නැහැ පහුගිය ටිකේ වෙච්ච දේවල් වලට මෙච්චරටම බය වෙලා ඉන්නේ.
ranjith Sunday, 28 April 2019 09:54 PM
රටේ වර්තමාන ජනාධිපතිතුමා කෙලින් නිවැරදි තීන්දු ගනිමින් ආරක්ෂක හමුදා ජනතාවගේ ගරුත්වයට පාත්‍ර වෙලා ඉන්න අවස්ථාවක එතුමාගේදේත් ශක්තිමත් කරන එක නේද වැදගත් නැතුව දේශපාලන න්‍යාය පත්‍ර හදන එක හොද නෑ නේද?
Nimal Monday, 29 April 2019 12:23 AM
අපි නම් අහුවෙයි
wasantha lal Monday, 29 April 2019 12:26 AM
මේක ගැන දොස් කියන්න එපා දැන්වත් කව්රුහරි නායකත්වය දෙන එක ගැන සන්තෝස වෙන්න
Bamunuarachchi Monday, 29 April 2019 12:39 AM
"පොන්සේකාත් අයිතිවෙනවලු" ඉතින් පොන්සේකා ආණ්ඩුවෙනේ ඉන්නේ කොරන්න බැරිය මොකටද විරුද්ද පක්ෂය සමග එකතුවෙන්නේ.
Arafath Monday, 29 April 2019 01:14 AM
විනාශය සිදුවී සතියයි!!! සියලු දේවල් සින්හලයාට අමතකයි!!!
RangaMonday, 29 April 2019 04:56 PM
අපෝ නැහැ. හැම සිංහලයටම ඕක නම් අමතක වෙන්නෙ නැහැ.
ලුම්බිණි Monday, 29 April 2019 02:11 AM
රට වෙනුවෙන් නම් මේක කරන්නේ විවෘත රැස්වීමක් කැඳවන්න. එහෙම නැතුව තමන්ට පක්ෂ කට්ටිය විතරක් ගත්තම මේක දේශපාලන කටයුත්තක් වෙනවා නේද?
sas Monday, 29 April 2019 03:41 AM
බොර දියේ මාළු බාන මිනිස්සු......
මංගල Monday, 29 April 2019 04:00 AM
මේකේ ප්‍රතිචාර කියවනකොට ලැජ්ජයි. මෙච්චර විනාශයන් වෙලත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා හැර සමහර අයට වෙන වැඩක් නෑ. තත්ත්වය පාලනය කිරීමට තම අත්දැකීම් ඇසුරින් උදව් කිරීමට උත්සාහ කරන අයට අපහාස කරන්නේ ඕන ගොනෙකුට යුද්ධය කරන්න පුළුවන්,
athuraMonday, 29 April 2019 04:46 AM
ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවයි හැගෙන්නේ ඔබතුමා රාජපක්ෂලා වෙනුවෙන් පෙනීසිටින නිසයි.
samMonday, 29 April 2019 06:24 AM
නැහැ, අපි පෙනී සිටින්නේ අපේ පණ රැකගන්නයි. පණ රැකලා දෙන්නේ නැති බව ඔප්පු කරපු අය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිද කියලා පහදලා දෙන්න.
vipula Monday, 29 April 2019 04:04 AM
ජනාධිපති අගමැති ලෙස රටක් බාරදෙන්නේ තියෙන තත්වයෙන් තවත් හොද තත්වයට රට ගොඩ නැගීම මිසක් රට අගාදයට දමන්න නෙමෙයිනේ. එජාප ආණ්ඩුව අවොත් රට හා ජනතාව විනාශ වනබව දැන් නම් හොදටම පැහැදිලි. 1978 දී විවෘත ආර්ථිකයෙන් අවාසි දේවල් නිසා රට යුද්දයකට මුහුණ දුන්න, පළාත්සභා නිසා තවත් ජීවිත දේපල හානි වුණා. දුර්දාන්ත ප්‍රතිපත්ති නිසා රාජ්‍ය සේවකයෝ බොහොමයක් රැකියා නැතිවුණා, මර්දන ප්‍රතිපත්ති නිසා 60000 පමණ තරුණයෝ මියගියා. මේ වෙනකොට යලිත් ලිහිල් ප්‍රතිපත්ති නිසා වෙනත් රටවලින් පිටුවහල් කරපු අය ලංකාවට ගෙනත් තියෙනවා, ත්‍රස්ත ක්‍රියා හිස ඔසවනකම් බලාගෙන හිටිය . නැවත 2009 තත්වයට පත්වෙලා.
athuraMonday, 29 April 2019 04:48 AM
ඔය ඔබතුමා කියල තියන දේවලින් මුලින් තියන දෙක නැතිකරන්න පසුව පත්වුණු සමහර ආණ්ඩුවලට ඕන තරම් බලය තිබිලත් කලේ නැහැනේද.
ශක්ති Monday, 29 April 2019 05:15 AM
බොරදියේ මාලු බෑවට මොකද ?අතපය හකුලගෙන නිවටුන් වගේ බුදියන්නද කියන්නේ ...
jayasekara Monday, 29 April 2019 06:06 AM
" බොර දියේ මාළු වගේද ?.... අර බේසමේ ඉන්න කිබුල්ලු?..."
Chanak Los angeles Monday, 29 April 2019 06:08 AM
අවශ්‍ය නැත . ඕන කරන වැඩ ටික කෙරීගෙන යනවා ඇත .. කරන උදව්ව නම් බොරදියේ මාළු බාන්නේ නැතිව ආරක්ෂක අංශයන්ට රාජකාරිය කරන්න ඉඩදීලා තමන්ගේ සහචරයන්වත් රැගෙන ගොසින් පාඩුවේ ඉන්න එකයි .
suddaMonday, 29 April 2019 07:00 AM
ලොස් ඇන්ජලිස් ඉන්න අයට අපේ බිය දැනුනේ කවදාද...... අවශ්‍ය නැත කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු මැරුණාට කමක් නැති නිසා වෙන්න ඇති, ආත්මාර්ථකාමී කම ඉහ වහා ගිහින් වගෙයි.
BamunuarachchiMonday, 29 April 2019 10:14 AM
මේ තකතීරුවා බොරදියේ මාළු බානවා කියන එකේ තේරුමවත් දන්නේ නැති පාටයි. මේ ව්‍යවසනය කලින් කියපු අපිට ජාතිවාදී ලේබලය අැලවූයේ මේ පාදඩයින්ය. දැන් සනීපද?
Chanak Los angelesMonday, 29 April 2019 02:54 PM
අපි ඔවුන්ට පල්ලි 200ක් හදලා දුන්නා. ඒ පල්ලිවලට ගිය පළමු ලාංකික බෞද්ධයාත් මමයි කියලා සාටකේ දමාගෙන වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයාව දැකලා නැහැ වගේ නේද?
Chanak Los angeles Monday, 29 April 2019 06:19 AM
විපතට පත්වූවන් ත්‍රස්තයන්ට වඩා උරණ වී ඉන්නේ මේ දේසපාලුවන් සමගයි. ඒ මන්ද ප්‍රහාරයන් ගැන මොවුන්ට තොරතුරු ලැබිලත් තම යටි අරමුණු ඉෂ්ට කර ගැනීමේ අභිලාෂයෙන් කිසිවක් නොකර කසාය බීපු ගොළුවන් මෙන් සද්ද නැතිව සිටපු නිසා. දැන් හොයන්න හදනවා සැලැස්මවල් ..
vitacheenatarakka Pajathipaksha Monday, 29 April 2019 06:58 AM
ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි කරන විදියට වැඩේ කරයි !පොඩ්ඩක් දගලන්න්නේ නැතුව හිටියොත් ලොකු උදව්වක් බොරදියේ මාළු බන්නේ නැතුව !
Bamunuarachchi Monday, 29 April 2019 10:23 AM
රාජපක්ෂලා ත්‍රස්තවාදය නැවත්වීමේ "වෙටරන්ලාය" මේ ගොල්ලෝ ඉදිරියේ රනිල් කව්ද? මේ හමුදාවම නේද එල්ටීටීඊ කාලේ රනිල් සමග හිටියේ... කෝ ත්‍රස්තවාදය නැවැත්වූවාද?
Sena Monday, 29 April 2019 03:15 PM
දෙවි පියාණනි, මට උපකාර කළ මැනව...