
(මුදිතා දයානන්ද)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයේදි සිසුහු මාර්ග බාධක ඉවත් කරමින් පාර්ලිමේන්තුව දෙසට ඇතුල්වීමට උත්සාහ කිරිම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළට පැමිණි උද්ඝෝෂකයන් එහි යොදා තිබූ මාර්ග බාධක ඉවත් කිරිමට උත්සාහ කරද්දි මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
පොලිසියේ බාධා කිරිම් නොතකා උද්ඝෝෂකයෝ එම මාර්ග බාධක ඔසවා පැත්තකට දමනු ලැබූහ.
අනතුරුව ඔවුහු එම ස්ථානයේදි නිදහස් අධ්‍යාපනයේ මළගම නමින් නම් කරන ලද මිනි පෙට්ටියක ආකෘතියකට ගිනි තබනු ලැබූහ.
උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව අසළට පැමිණියේ බොරැල්ල ආයුර්වේද වටරවුමේ සිට ආරම්භ කරන ලද උද්ඝෝෂණ පා ගමනකින් වන අතර එහිදි පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණය පැවැත්විණි.
මෙම පා ගමන නිසා බොරැල්ල ආයුර්වේද වටරවුමේ සිට පොල්දුව මංසන්ධිය දක්වා දැඩි රථවාහන තදබදයක් පැයක පමණ කාලයක් පැවතිණ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)














COMMENTS
පසුගිය ඡන්ද කාලය දිනූ බොහෝ දෙනාට අද අමතකවී ඇති බවක් පෙනේ.එදා,රජයේ සේවකයන්ගෙන් බහුතරයක්, ගුරුවරුගෙන් පිරිසක්, වුර්ථීය සමිතිවල වැඩිපුර දෙනා,ඇතුළු බොහෝ දෙනා අරගල කොට පත්කර ගත් රජයකට විරුද්ධව අද ඒ සියලු දෙනාම එරෙහිවී තිබීම සැබැවින්ම මහත් පුදුමයට කරුණකි.එදා සටන්පාඨ කියා, උද්ඝෝෂණ කොට පිහිටුවා ගත් රජය අද ඔවුන්ට දුන් පොරොන්දු ඉටුකිරීම නොකරන යුගයක ඔවුන් මෙසේ කළබල වී ඇත. චණ්ඩ වී ඇත.වරද කාගේද ?
මේ තවත් එලොවටත් නැති, මෙලොවටත් නැති කාලකණ්ණි කොටසකි.
මොවුන් ගෙන් ඇසුවොත් නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා මොවුන්ට උත්තර නැහැ. නිදහස් අධ්‍යාපනයක් තිබෙනවා නම් පෞද්ගලික පාසල්වලින් උසස්පෙළ සමත් වෙන ළමයි විශ්ව විද්‍යාල වලට ගන්නවකො.