(යොහාන් භාසුර)
අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක් පමණ ඊයේ (11) පස්වරුව වන විට සේවයේ යොදවා තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
බස් රථ ධාවනය යථා තත්වයට පත්වීමට තවත් සති කීපයක් ගතවනු ඇති බව කී ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සේවක ගැටලුව සහ මගීන්ගේ අඩුව හේතුවෙන් ඇතැම් බස් ධාවනය නොකරන බව ද සඳහන් කළේය.
ගමනාගමන කොමිෂන් සභාවේ බස් රථ 1500 ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත් රට සාමාන්‍ය පැවැති සමයේ ද දිනකට සියයට 85 ත් 90 ත් අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වන බවත් නිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.
COMMENTS