(ඉන්දිකා රාමනායක)
 
අවසර ලබා නොගෙන  ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
 
විජේරාම  පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට අද පස්වරුවේ      විරෝධතාවක්  පවත්වා ඇති අතර එහි දී   අවසර නොමැතිව   ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම හේතුවෙන් කුරුදුවත්ත පොලිසිය විසින්   ජිනරත්න හිමියන්  අත්අඩංගුවට ගෙන ගෙන තිබිණි.